නව පරම්පරාවේ සී.ටී ස්කෑන් (පරිලෝකන) යන්ත්‍රයක් පසුගියදා බ්‍රිතාන්‍යයේදී එළිදැක්විණ.
මේ එක් යන්ත්‍රයක් නිපදවීමට පවුම් ලක්ෂ 6 ක් පමණ වැයවන බව සදහන්ය.
සී.ටී ස්කෑන් යන්ත්‍ර භාවිතා කෙරෙනුයේ රෝගියෙකුගේ සිරුරේ අභ්‍යන්තරයේ ඇති සංකූලතා නිරීක්ෂණය කිරීමටය.යන්ත්‍රයේ ඇති ඇදක් වැනි කොටස මත රෝගියා සතපා යන්ත්‍රය තුළට ඇතුළු කෙරෙන අතර එහිදී එක්ස් රේ කිරණ ආධාරයෙන් රෝගියාගේ සිරුර පරිලෝකනය කරයි. මේ පරිලෝකන කාර්යය අවසානයේ ලැඛෙන ඡායාරූප නිරීක්ෂණය කිරීම මගින් රෝගියෙකුගේ සිරුර අභ්‍යන්තරයේ සංකූලතා පවතින්නේදැයි නිරීක්ෂණය කිරීමට වෛද්‍යවරුන්ට හැකිය.
මේ නව යන්ත්‍රයෙන් ලැබෙන්නේ ත්‍රිමාණ ඡායාරූපවලින් රෝගියෙකුගේ සිරුර අභ්‍යන්තරය නිරීක්ෂණය කිරීමට වෛද්‍යවරුන්ට දැන් පිළිවන. තවද පරිලෝකන කාර්යය අතරතුර රූපවාහිනිය නැරඹීමේ හැකියාව, සංගීතයට සවන්දීමේ හැකියාව මේ යන්ත්‍රය මගින් රෝගියාට ලබා දේ.නිර්මාපකයන් පවසන පරිදි ඇතැම් කලබලකාරී රෝගීන් සන්සුන් කිරීම සදහා මෙම අංග යන්ත්‍රයට ඇතුළත් කර තිබේ.නොකඩවා වැඩි වාර ගණනක් එකදිගට යන්ත්‍රය භාවිතා කළ හැකි විීමද මෙහි ඇති තවත් විශේෂ හැකියාවකි.
දැනටමත් බ්‍රිතාන්‍යයේ බ්‍රැඩ්ෆර්ඩ්හි පිහිටි රෝහලේ මෙවන් යන්ත්‍රයක් ස්ථාපිත කොට ඇති අතර එහි ක්‍රියාකාරීත්වය ගැන තමන් අතිශයින් සෑහීමකට පත්ව ඇති බව රෝහලේ සේවය කරනා වෛද්‍යවරුන් කියයි.පෙර මෙන් නොව දැන් සී.ටී. පරිලෝකන කටයුතු වඩා ඉක්මනින් කරගත හැකි බවත් නව තාක්ෂණයට පින්සිදුවන්නට රෝග විනිශ්චය දැන් වඩාත් නිවැරදිව සිදුකළ හැකි බවත් ඔවුන් පවසයි.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටීවී බලන ගමන් ස්කෑන් පිරික්සුමක්
සනත් Tuesday, 21 May 2013 12:40 PM
ඔබට ටීවී බලන්න ඕනෑ නම් මේ මැෂින් එකෙන් ස්කෑන් කරගන්න. ඔබට නවලොවකට යන්න ඕනෑ නම් යමලෝක රෝහලෙන් ස්කෑන් කරගන්න (නි)
පිටිගල මිලානෝ Tuesday, 21 May 2013 03:17 AM
අපේ නම් යමලෝක රෝහලේ පරිලෝකන යන්ත්‍රය අස්සට ගියාම පරලොව බලාගන්න පුළුවන්. (නි)
වරුණ Tuesday, 21 May 2013 08:07 AM
මේකත් අර හාස්කම් තිබුනු දේවාලයේ තිබුණු ජාතියේ එකක් වගේ නෙවෙයි නේද? ඕකටත් ළමයින්ව පණපිටින් දැම්මම මැරිලා එලියට එනවද දන්නේ නැහැ? (නි)
සරත් Tuesday, 21 May 2013 09:58 AM
මෙවැනි නව නිර්මාණය කරා අපේ විද්වතුන් යොමුවන දින රටේ දියුණුවේ ආරම්භයයි. (නි)
සමීර Monday, 20 May 2013 10:37 PM
තාක්ෂනය