IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ටිල්වින්ගේ කතාව වැරදිලු

මාතර දිස්ත්‍රික්කයෙන් තරග කර පරාජයට පත් වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය දුන්නේ තමාගෙන් විමසා යැයි ජවිපෙ ලේකම් කියා තිබූ ප්‍රකාශයේ සත්‍යතාවක් නැතැයි නීතීඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා කියයි.

ඔහු මේ බව කියනුයේ සිය ෆේස්බුක් පිටුවේ සටහනකිනි.

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ දෙවැනි තැනට සිටියේ වර්ණසූරිය මහතා ය.

මෙවර ජනතා විමුක්ති පෙරමුණට ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුර දෙකක් ලැබුණු අතර ඒ සඳහා හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ මහතා සහ සුනිල් හඳුන්නෙත්ති මහතා පත් කරනු ලැබූහ.



අදහස් (0)

ටිල්වින්ගේ කතාව වැරදිලු

මොහාන් Friday, 21 August 2015 08:20 AM

මේ වගේ සාමූහික වගකීමක් නැති , තනතුරු වලට ආස මිනිස්සු ජ.වී.පෙ. ට ගැලපෙන්නේ නැහැ කොහොමත්.(ම)

:       0       0

අනුරාධ Friday, 21 August 2015 03:43 PM

ලංකාවේ මහජනයා හරි බුද්ධිමත්නේ ..... (නි)

:       0       0

බ්‍රාහ්මණ Saturday, 22 August 2015 06:09 AM

කිව්ව දේ කල යුතු යි. එහෙම කොකරන එකා වසලයෙකි.(නදී)

:       0       0

පතිරන Saturday, 22 August 2015 06:55 AM

හොඳ වෙලාවට වැඩි ආසන ගානක් ආවේ නැත්තේ. ආවා නම් ජාතික ලැයිස්තුවෙන්ම තව කීපදෙනෙක්ම බිහිවෙන්න තිබුනා. පක්ෂයට ආවේණික හික්මීමක් නැති අයත් එක්ක ඔය ගමන යන්න බැහැ කියලා ජනතා විමුක්ති පෙරමුණ දැනගන්න ඕනෑ. (නි)

:       0       0

මහින්ද Saturday, 22 August 2015 07:04 AM

හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙක් නම් ඇයි ඡන්දය ඉල්ලන්න දැම්මේ? අමාරුවේ දාන්නද? පැත්තක ඉඳලා ඡන්දය දුන් මිනිසුන්ට එපා කරවන්නද? (නි)

:       0       0

සුලෝචනා මහරාව Friday, 21 August 2015 04:51 PM

ඇයි ජවිපෙ මෙවැනි මිනිසුන් තම ජාතික ලැයිස්තුවට දාගත්තේ?පාර්ලිමේන්තුවට ගියා නම් කොහොමට තියේවිද? ජවිපෙ මේවායින් යමක් ඉගෙනගන්න. සුනිල් හඳුන්නෙත්ති යනු පාර්ලිමේන්තුවේ සිටියයුතු ජනතා සටන්කාමියෙකි. අපි ඒ තීරණයට එකඟයි. (නි)

:       0       0

මිහිරි Friday, 21 August 2015 05:53 PM

හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවේ සිටියයුතුම කෙනෙක්. (නි)

:       0       0

මොහොමඩ් Saturday, 22 August 2015 12:08 PM

හඳුන්නෙත්ති සහෝදරයා පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.අනික තනතුරු වලට ආශාකරන අය ජ.වි.පෙට හරියන්නේ නැහැ. මොහු ගැන දැන්ම දැනගත්ත එක හොඳයි.අද තනතුරු වලට ආශාකරන කෙනා හෙට පක්ෂය පාවාදෙන්න පුළුවන්... (නි)

:       0       0

චමිල් Saturday, 22 August 2015 12:38 PM

හඳුන්නෙත්ති කියන්නේ සිටියයුතු පුද්ගලයෙක් (නි)

:       0       0

රොෂාන් Friday, 21 August 2015 10:53 PM

මේ වගේ තනතුරු වලට ආශාකරන අය ජ.වි.පෙට හරියන්නේ නැහැ. දීපු නැති එක හොඳයි. (නි)

:       0       0

සදුන් Saturday, 22 August 2015 02:45 PM

ඔය දෙක දෙන්න ඕනෑ හඳුන්නෙත්තිටයි, ලාල් කාන්ත හෝ සමන්තටයි. ජවිපෙ දේශපාලනය දන්නේ නැති මිනිස්සු දාගෙන ඒ මිනිස්සු කරන පිස්සු වැඩ වලටත් ජවිපෙට දවසක වගකියන්න වෙයි. අනික කොච්චර උගතෙක් වුණත් ජවිපෙ කරන කැපකිරීම කරන්න බැරිනම් ඒ උගත්කමින් වැඩක් නැහැ. (නි)

:       0       0

පෙරේරා Saturday, 22 August 2015 02:04 AM

නීතිඥ පට්ටමට මන්ත්‍රී පට්ටමකුත් එකතුකරගත්තම ඉතින් නඩුවලටත් වඩා හොඳයි නේ. (බ)

:       0       0

චතුර Friday, 21 August 2015 12:29 PM

ආසනය දෙන්නත් කලින් මෙහෙම නම් ආසකය ගත්තහම කොහොම වෙයිද? (නි)

:       0       0

ජයසේන Friday, 21 August 2015 12:46 PM

හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේ සිටිය යුතුම අයෙක්. (නි)

:       0       0

රෝහණ Friday, 21 August 2015 01:46 PM

ඔහු මිනිස්සු වෙනුවෙන් කතාකළත් මිනිසුන්ගේ දැනීමට අනුවයි ඡන්දෙ දුන්නේ. නමුත් ඔහු පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ කෙනෙක් (නි)

:       0       0

අසා Saturday, 22 August 2015 05:09 AM

වර්ණසුරියට වඩා සිය ගුණයක් හදුන්නෙත්තිට ජනතා සේවය කල හැකියි. (නදී)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 21 August 2015 08:12 AM

ඉවසන්න හඳුන්නෙත්ති නව පාර්ලිමේන්තුවට අත්‍යවශ්‍යම කෙනෙක් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site