කේන් විලියම්සන් සහ රොස් ටේලර් දෙදෙනා එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 209 ක අඛණ්ඩ සම්බන්ධතාව නිසා ශී‍්‍ර ලංකාවට එරෙහිව කොළඹ පී. සරා ඕවල් පිටියේදී ඊයේ (25 වැනිදා) ආරම්භ වූ දෙවැනි සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගයේ මුල් දිනය අවසන වර්ෂාව නිසා තරගය නතර කරන විට නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 223 ක් ලබා සිටියේය.
කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ නමුත් නුවන් කුලසේකර සහ ශමින්ද එරංගගේ පන්දු යැවීම හමුවේ ලකුණු 14 කට කඩුලූ දෙකක් අහිමි කරගත් නවසීලන්ත පිල තරගයේ පළමු අඩ හෝරා අඩ තුළ දැඩි අසීරුතාවකට මුහුණ දී සිටියේය.
මෙම තත්ත්වය හමුවේ සිය හිස් බිමට නමාගත් නායක රොස් ටේලර් සහ අංක 3 පිතිකරු කේන් විලියම්සන් දෙදෙනා, පැය පහකට වැඩි කාලයක් පුරා ඕවර 76 කට වැඩි සංඛ්‍යාවට මුහුණ දෙමින් නවසීලන්ත පිල වැටී සිටි අගාධයෙන් ගොඩගත්හ.
දිගු කලකට පසුව තමාගේ සුපුරුදු පිතිහරඹ රටාවට අවතීර්ණ වූ රොස් ටේලර්, අලංකාර ‘ෆිලික්’ සහ ‘ඩ‍්‍රයිව්’ පහර ගසමින් විනාඩි 301 ක් පුරා පිටියේ රැඳෙමින්, හතරේ පහර 10 කින් සිය ඉනිම සැරසීය. ටේලර්ට පෙර පිටියට පිවිසි නමුත් පන්දුවට පහර දීමේ වැඩි අවස්ථාව සිය නායකයාට පවරමින් පසෙකට වී සිය කඩුල්ල රැකගත් විලියම්සන්ගේ පන්දු 229 ඉනිම හතරේ පහර 8 කින් සමන්විත විය.
තරගයේ පළමු ඕවරයේදීම මාටින් ගප්ටිල් දවාගැනීමට නුවන් කුලසේකර සහ ඇන්ජලෝ මැතිව්ස් සමත් වූ අතර එයින් පන්දු 17 කට පසුව බ්‍රෙන්ඩන් මැකලම්, කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව, ලකුණු 4 කට දැවී ගිය බවට විනිසුරු මාරියස් එරැස්මස් මහතා විසින් තීරණය කරන ලදි.
බලාපොරොත්තු කඩවූ මැකලම්, කී‍්‍රඩාගාරයට යාමට පෙර, ඉ`ගිකළේ පන්දුව පා ආවරණයේ වැදීමට පොරතුව සිය පිත්තේද ගැටුණු බවයි. මැකලම්ගේ නිගමනය රූපවාහිනී ප‍්‍රතිදර්ශන මගින්ද මනාව තහවුරු කරන ලදි.
කෙසේ වෙතත් ඉනිමේ 10 වැනි ඕවරයේදී ලකුණු 14 ක් ලබා සිටි රොස් ටේලර් දුන් අසීරු උඩපන්දුවක් රැුකගැනීමට ස්ලිප්හි සිටි ඇන්ජලෝ මැතිව්ස් සමත් වූයේ නම් නවසීලන්ත ලකුණු පුවරුව කඩුලූ 3 ක් දැවී ලකුණු 36 ක් සේ දිස්විය හැකිව තිබිණ.
මෙම තරගය සඳහා නැවතත් තිලකරත්න ඩිල්ෂාන් කැඳවීම නිසා ගාල්ල ටෙස්ට් තරගයේදී අලංකාර ලකුණු 60 ක් ලබාගත් දිමුත් කරුණාරත්නට ස්ථානය අහිමි විය.
තරගය අද (26 වැනිදා) පෙරවරු 9.45 ට ආරම්භ වන අතර මෙම තරගයේදී ප‍්‍රවේශපත් අළෙවි නොකෙරෙන අතර තරගය නොමිළයේ නැරඹිය හැකිය.
ලකුණු පුවරුව
නවසීලන්තය - පළමු ඉනිම
මාටින් ගප්ටිල් - ඇ.මැතිව්ස් ප.කුලසේකර 4
බ්‍රෙන්ඩන් මැකලම් - ක.මු.කළා ප.එරංග 4
කේන් විලියම්සන් - නොදැවී 95
රොස් ටේලර් - නොදැවී 119
අතිරේක 1
එකතුව ඕවර 80.5 කදී කඩුලූ 2 ක් දැවී 223
කඩුලූ වැටීම:
1-04(ගප්ටිල්), 2-14(මැකලම්),
පන්දුවට පහර දීමට සිටින පිතිකරුවෝ:
ටොඞ් ඇස්ට්ල්, කෲගර් වැන් වික්, ඩැනියෙල් ෆ්ලින්, ටිම් සවුතී, ඩග් බ්‍රේස්වෙල්, ටේරන්ට් බෞල්ට් සහ ජීටන් පතෙල්
පන්දු යැවීම:
නුවන් කුලසේකර : 13.5-2-42-1, ශමින්ද එරංග : 14-0-70-1, ඇන්ජලෝ මැතිව්ස් : 5-1-14-0, රංගන හේරත් : 21-2-45-0, සුරාජ් රන්දිව් : 23-3-47-0, තිලකරත්න ඩිල්ෂාන් : 4-0-05-0
2025 දෙසැම්බර් මස 16
73
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
874
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ටේලර් /- විලියම්සන් නවසීලන්තය ගොඩගනිති