IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ටෙලිකොම් සේවකයාට කැපු වළේ දෙදරු මව වැටේ

ඉඩම් ආරවුලක් මත ටෙලිකොම් සේවකයකුගෙන් පළි ගැනීම සඳහා තමා කෙළෙසීයැයි බොරු පැමිණිල්ලක් කළ කාන්තාවකට මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත්  උදේෂ් රණතුංග  මහතා  මාස තුනක බරපතල වැඩ සහිත  සිර දඩුවමක් හා  රුපියල් 1500 ක දඩයක් නියම කළේය.

පොලිස්  ඇප මත සිටි  ටෙලිකොම්  සේවකයාට එරෙහිව නඩු පැවරුණේ නැත. ඒ නිසා ඔහුට එරෙහි නඩුද නොවැටිණි.

අකුරැස්ස පරදුව   පහුරන්විල පදිංචි  බුද්ධිකා ශ්‍යාමලී විතාරණ (35) ඇයයි. ඇය දෙදරු මවකි.

ටෙලිකොම් සේවකයාගේ පැමිණිල්ලක් මත ඇගේ සැමියා මීට කළින් අත්අඩංගුවට ගැනීම නිසා ඇය මේ බොරු පැමිණිල්ල කළ බව ඇය අධිකරණයේදී පිළිගත්තාය.

 



අදහස් (0)

ටෙලිකොම් සේවකයාට කැපු වළේ දෙදරු මව වැටේ

ජේමිස් Thursday, 25 April 2013 03:01 PM

මේ වගේ බොරු කියන අයව ඇත්තටම කෙළෙසන්න දෙන්න තියෙන්නේ (නි)

:       0       0

දිමුතු Thursday, 25 April 2013 03:15 PM

මේ දඬුවම බොහොම මදි, බැරිවෙලාවත් අර පිරිමි කෙනා වැරදිකරු වුණා නම් ඔහුට රැකියාවත් නැතිවෙනවා, අවනම්බුවකුත් ඔහුටත් පවුලේ සැමටත් එකතුවෙනවා. සමහරවිට අවුරුදූ 20ක් විතර හිරේ ලඟින්නත් වෙයි. මේ වගේ බොරු පැමිණිලි කරන කාන්තාවන් අවුරුදු 10ක් හෝ 20ක් අනිවාර්යෙන්ම හිරේ යැවිය යුතුමයි (නි)

:       0       0

රත්න Thursday, 25 April 2013 03:16 PM

එයාට සැමියා අත් අඩංගුවේ ඉන්න කාලේ මනරම් සිතිවිල්ලක් පහලවෙන්න ඇති. (නි)

:       0       0

රුවන් Thursday, 25 April 2013 04:15 PM

ඇත්තටම දඬුවම නම් ගොඩක් මදී. මේ පිරිමියා වැරදිකරු වුණා නම් [නීතිය අන්ධ නිසා] මොන අපරාදයක්ද ? කාන්තාවන්ද අතවර කියන වචනය දැන් ආභරණයක් කරගෙන තියෙන්නේ. (නි)

:       0       0

දිසා Thursday, 25 April 2013 04:30 PM

අයියෝ සල්ලි

:       0       0

රිස්වාන් ඩුබාඊ Thursday, 25 April 2013 04:52 PM

දිමුතු ඔබ හරි....මේ වගේ බොරු චෝදනා වලට අද කී දෙනෙක් හිරේ ඉන්නවද? (නි)

:       0       0

හෙන්නායක Thursday, 25 April 2013 06:54 PM

දිමුතු කියපු දෙය තමයි අද යථාර්තය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site