IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘ටෙලිකොම්’ විකිණීමට එරෙහිව රට පුරා විරෝධය

(යොහාන් භාසුර, සුමිත් පොතුපිටිය සහ උපුල් හේරත්)

ශ්‍රී ලංකා ‘ටෙලිකොම්’ සමාගම පෞද්ගලිකරණය කිරීමට රජය කළ යෝජනාවට එරෙහිව එම සමාගමේ සේවකයන් කොළඹ කොටුවේ පිහිටි ටෙලිකොම් මූලස්ථානය ඉදිරිපිට සහ රට පුරා ටෙලිකොම් උප කාර්යාල ඉදිරිපිට අද (25) විරෝධතා පැවැත්වූහ.

ශ්‍රී ලංකා ‘ටෙලිකොම්’ වෘත්තිය සමිති පවසන්නේ ලාභ ලබන රාජ්‍ය ආයතනයක් වන ‘ටෙලිකොම්’ සමාගම විකිණීමට විරුද්ධ බවත් රජයට එම සමාගම විණීමට ඉඩ නොතබන බවත්ය.

උපුල් හේරත් 



අදහස් (11)

‘ටෙලිකොම්’ විකිණීමට එරෙහිව රට පුරා විරෝධය

අබරං සීයා Friday, 25 November 2022 05:16 PM

මම පසුගිය දවසක ඔය කියන ටෙලිකොම් එකේ කාර්යාලයකට ගියා.. ඇත්තටම කලකිරුණා ඒකෙ ඉන්න අය හිතාගෙන ඉන්නේ අපි ටෙලිෆෝන් වලට බිල් නොගෙවා කතාකරනවා කියලා වෙන්ටැති කිසිම සුහද බවක් නැහැ. හරියට රාජ්‍ය බැංකුවකට ගියාම වගේ. මුහුණේ හිනාවක්වත් නැහැ. එපාවෙනවා. මෙවා ඇත්තටම පුද්ගලීකරණය වෙන්න ඕනෑ ඔය නිසා තමයි. එතකොට වෙනත් ආයතන එක්ක මෙයාලාට තරග කරන්න වෙනවා. එතකොට ඔය සෙල්ලම් බැහැ. සේවය හරියටම කරන්න වෙනවා මගේ මතය නම් මේවා පුද්ගලීකරණය වියයුතුයි..

:       4       52

LasithFriday, 25 November 2022 11:00 PM

ඒ අතින් හැබැයි අනාගතේ අද දෙන උන්ට වඩා නම් දාහකින් සම්පතක්. උන් හිතන් ඉන්නේ උන් අපිට ඩේටා නිකන් දීලා, මාසෙට සැරයක් උන් අපිට සල්ලි දෙනව කියලා.

:       1       1

ගජමිතුරු Saturday, 26 November 2022 06:00 AM

සීයා හරියට හරි මේ කාලයේ බිල් එවන්නෙ නැහැ. ඇහුවම මෙච්චර ගෙවන්න කියනවා අයකරන්නෙ මොන විදියටද කියන්නෙ නැහැ. බලන්න ක්‍රමයක් නැහැ. පාරිභෝගිකයන් සූරා කනවා කියලා හිතෙනවා. ගාස්තු සාමාන්‍ය ජනතාවට දරාගන්න බැහැ. ඉතින් ඉක්මනින් ජනතාව ටෙලිකොම් සම්බන්ධතා නවතාවි කියලා කියන්න පුළුවන් .හැබැයි තවත් වැඩිම පාරිභෝගිකයන් පිරිසක් සිටින දුරකථන ආයතනයක් මෙයටත් වඩා අන්තම අන්තයි කියන්නෙ මම මෑතකදී ටෙලිකොම් එකට නොගිය හින්දා.

:       0       2

අසෝක Friday, 25 November 2022 05:44 PM

රටේ පද්ධතියම විනාශ වෙලා තියෙන කොට එකක් පමණක් කොහොමද නිවරැදි වෙන්නේ..? ටෙලිකොම් එකත් එසේමයි. ඒත් ඒවා අදානිට විකුණා ඩොලර් ගත්තාම හරිද? වැරැදි ඇති නම් ඒවා නිවැරැදි කරගත යුතුයි...

:       2       7

Kamal Friday, 25 November 2022 06:19 PM

කිසිම සේවයක් වෙන්නේ නැති තැනක්... ඉක්මණින් විකිණීමට කටයුතු කළ යුතුයි.

:       2       23

Lal Friday, 25 November 2022 06:37 PM

ඒක විකුණන්න...

:       1       33

Anura Friday, 25 November 2022 08:05 PM

පාවිච්චියක් නැති ඒවටත් මේ අය බිල් ගහනවා... කස්ටමර් සර්විස් එකට කරලා වැඩක් නැහැ.

:       0       39

RashmikaFriday, 25 November 2022 10:57 PM

අනිවාර්යෙන්. බිල ගෙවන්න අමතක වුනොත් දවසෙන් කනෙක්ශන් කපනවා. ඊට පස්සේ බිල ගෙව්වම මුලු ඩේටා ප්‍රමාණෙම හම්බෙන්නේ නෑ. සතියක් ගෙවන්න බැරි වුනොත් සෑහෙන ප්‍රමාණයක් ඩේටා අඩු කරනවා. ඊලඟට මුන් ගාව තමයි ජරාම 4 රව්ටර් තියෙන්නේ. අර ෆෝන් එකත් එක්ක එන රව්ටරේ මල ජරාවක්. සිරිසේනගේ නෑයා ඉන්න කාලේ තඩි කොමිස් එකකට ගෙනාපු ජරාවක්.

:       0       0

Rathnayaka Friday, 25 November 2022 08:47 PM

විකුණන්න ඕනේ ඔය බඩ කැවුතු ඔක්කෝම...

:       0       18

Jayalath Saturday, 26 November 2022 03:08 AM

හොරුටික තමයි ඔය පාරේ දගලන්නෙ

:       1       1

Sisira Saturday, 26 November 2022 06:40 AM

අපිට නම් ප්‍රයිවෙට් කරත් නැතත් එකයි. අපිට කොහොමත් ඕකෙන් සහනයක් නැහැනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 16 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site