IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ටෙලිකොම් පෞද්ගලීකරණය කළාට ජාතික ආරක්ෂාවට තර්ජන නෑ

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීව මහතා පැවසීය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මේ බව සඳහන් කරමින් ප්‍රසිද්ධ කර ඇති වාර්තාව හුදෙක් හිතළු මත පදනම් වී ඇති බව ප්‍රකාශ කළ සමරජීව මහතා ජාතික ආරක්ෂාව කියන වචනය ඔවුන් සටන් පාඨයක් කරගෙන තිබෙන බවත් පැවසීය. 

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීව මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කරන '101 කතා' වැඩසටහනට එක්වෙමිනි. 

කිසිදු විශේෂඥ දැනුම ඇති පුද්ගලයන්ගෙන් විමර්ශනයක් සිදු නොකර මෙවන් වාර්තාවක් සකස් කර තිබෙන්නේ ආංශික කාරක සභා මූලධර්මවලට පටහැනිව බවත් ඔහු කීය.



අදහස් (8)

ටෙලිකොම් පෞද්ගලීකරණය කළාට ජාතික ආරක්ෂාවට තර්ජන නෑ

fairoos Tuesday, 13 June 2023 12:11 PM

ජාතික ආරක්ශාව කියාගෙන ඇවිල්ල තමයි නන්දසේන රට කෑව.. දැන් සැපද?

:       4       23

Bamunuarachchi Tuesday, 13 June 2023 10:07 PM

නන්දසේන නොසිටින්න උතුරෙන් පන්නපු හම්බ සෙට් එක ප්‍රභාකරන් මේ වෙනකොට රටෙනුත් පන්නලා. ඔබලා මේ රටේ ඉන්නේ නන්දසේනගේ පිහිටෙන්...

:       0       1

කුසුම් දල්පදාදු Tuesday, 13 June 2023 01:02 PM

මූගෙන් මීට වඩා වෙන මොන උපදෙස් බලාපොරොත්තු වෙන්නද? රටේ කරුමෙට උපන් උන්...

:       8       14

කිරිපුතා Tuesday, 13 June 2023 01:27 PM

ජාතික ආරක්ෂාව බිලිබඳව කැපවුණු ඒ ගැන හසල දැණුමක් ඇති මහත්වරුයි ඒ ප්‍රකාශය කළේ. මෙතුමා මහචාර්ය වෙන්න ඇති වෙනත් විෂයකට.

:       7       10

කිරිඅත්තාTuesday, 13 June 2023 06:00 PM

කිරිපුතේ රාජ්‍ය ආයතන පුද්ගලික කිරීමේදී ජාතික ආරක්ෂාවට හානියක් වෙන්නෙ විකුණා දැමීමට පෙර රජයේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමාණවත් කොන්දේසි ඇතුලත් නොකොලොත් පමණයි විකිණීමට පෙර විකුණුම්කරු අපේක්ෂා කරන කොන්දේසි ශක්තිමත් නම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්න බැහැ

:       0       0

THUSITHA WIJATHUNGA Tuesday, 13 June 2023 03:45 PM

ජාතික ආරක්ෂව කියන වචනේ තේරුම දන්නැති මහාචාර්යවරු ,ඕවට පත්කරලා තිබුන හින්දා තමා ,සහරා අත් බෝම්බ ගහනකන් කට්ටිය නිදන් හිටියේ .මෙයාලට වඩා දැනුමක් තියෙනව ,අද කාලෙ ඉන්න පොඩි දරුවන්ට . Cyber security වලට අනිත් රටවල් දිලා තියන තැන දැක්කනම් ,මේ මහත්තය තාම මොන්ටිසොරි ගතියක් මට නම් පේන්නෙ.සල්ලි දෙනවනම්ඕනෙ දෙයක් කියයි මේ මහාචාර්යවරු

:       1       5

prasanna Tuesday, 13 June 2023 08:19 PM

මොන ජාතික ආරක්ශා ද .අපි දැක්කා පසුගිය අවුරුද්දේ කොළඹ වුනු අපරාධ සියල්ලම රූපවාහිනියෙන් ,ගිනි තැබීම් ,දේපොළ විනාශ ,මිනී මැරුම් ,එවිට ඔය මොන ආරක්ෂාවක් වත් තිබෙන්නේ නැහැ .දැන් රටම පිස්සන් කොටුවක් වෙලා තියෙන්නේ

:       0       0

LGP. JATHUNARACHCHI. Tuesday, 13 June 2023 09:19 PM

වත්මන් රජයට තවත් සිල්ලර වෙළෙන්දෙක්. !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site