IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ට්‍රම්ප්ට වඩා බයිඩන් හොඳයි - පුටින්

ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා තමන් ජෝ බයිඩන් ප්‍රිය කරන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.

රුසියන් ජනාධිපති පුටින් මෙසේ පැවැසුවත්, ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ලබන නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් කවුරු ජයග්‍රහණය කළත්, එම තැනැත්තා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ක්‍රෙම්ලීනය සූදානම් බවය.

තමන් රිපබ්ලිකන් පාක්ෂික ට්‍රම්ප්ට වඩා ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන් ප්‍රිය කරන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැවැසුවේ මාධ්‍යවේදිකයකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

‘බයිඩන් කියන්නේ පරණ විදියට හිතන කෙනෙක්. දක්ෂ දේශපාලනඥයෙක්. ඔහුට අත්දැකිම් තියෙනවා. ඔහු පරිණතයි. මා ඔහුට කැමැතියි’ යැයි පුටින් පැහැදිලි කර තිබේ.

ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වයස්ගතම පුද්ගලයා වන්නේ බයිඩන්ය. නොවැම්බර් ජනාධිපතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී බයිඩන් ඔහුගේ අසූ දෙහැවිරිදි උපන් දිනය සමරනු ඇත.

පුටින්ගේ වැඩි කැමැත්ත හිමි නොවුණත් කෝටිපති ව්‍යාපාරිකයකු ද වන ට්‍රම්ප් රුසියන් හිතවාදියකු බව පැවැසෙයි. 77 හැවිරිදි ට්‍රම්ප් ඇමෙරිකන් ජනාධිපති ධුරය හෙබවූයේ 2017 සිට 2021 දක්වා කාලයේය. ට්‍රම්ප් සහ පුටින් අවස්ථා ගණනකදී මුහුණට මුහුණ හමුවී ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (2)

ට්‍රම්ප්ට වඩා බයිඩන් හොඳයි - පුටින්

ශාන් Friday, 16 February 2024 08:25 AM

මේක නම් ට්‍රම්ප්ව ඡන්දෙන් දිනවන්න කියපු කතාවක් මා හිතන්නේ. ඇමෙරිකානු පුරවැසියගේ සාම්ප්‍රදායික සතුරා පුටින්. ඉතින් ඔහු යමෙකුට කැමතියි කිව්වම ඒක අදාළ තනැත්තගේ ජනප්‍රියත්වයට සෘණාත්මකව බලපානවා. හරියට ප්‍රභාකරන් දකුණේ නායකයෙක්ට කැමතියි කිව්වා වගේ. නැත්නම් මෑත කාලිනව පුටින් හා ඇමෙරිකාව අතර සාර්ථකම සම්බන්ධතා තිබ්බේ ට්‍රම්ප්ගේ කාලයේ. කොහොම නමුත් ජනාධිපත්වරණය් නම් ට්‍රම්ප් දිනයි වගේ. හොඳ නායකයෙක්

:       2       10

Bamunuarachchi Friday, 16 February 2024 10:42 AM

අපිට ට්‍රම්ප් හොදයි බයිඩන්ට වැඩිය. එක එක්කෙනාගේ opinion එක. ඒගැන විවේචනයක්‌ නැහැ පුටින් මහත්තයෝ.

:       4       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site