IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ට්‍රම්ප්ට නොබෙල් සාම තෑග්ග?

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාලය වෙනුවෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම යෝජනා වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඒ, ට්‍රම්ප් මැදිහත් වී ඉන්දු පාකිස්තාන යුද ගැටුමත්, ඊශ්‍රායල ඉරාන යුද ගැටුමත් සටන් විරාමයකින් අවසන් කළ බැවිනි.

ඇමෙරිකා ජනාධිපතිවරයා මේ වනවිට සිටින්නේ නෙදර්ලන්තයේ හේග් නුවරය. ඒ, නේටෝ සංවිධානයේ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වෙමිනි. නේටෝ යනු උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයයි. ඇමෙරිකාව එහි පුරෝගාමියෙකි.

දින 12 ක් තිස්සේ පැවැති ඊශ්‍රායල ඉරාන යුද ගැටුම අවසන් කිරීමට ට්‍රම්ප් මැදිහත් වීම, නේටෝ නව මහ ලේකම්වරයා වන මාර්ක් රූට්ගේ පැසසුමට හේතුවක් වී ඇතැයි ද පැවැසෙයි.

(අල් ජසීරා)



අදහස් (12)

ට්‍රම්ප්ට නොබෙල් සාම තෑග්ග?

Gamage Wednesday, 25 June 2025 04:30 PM

ට්‍රම්ප්ට් කාරයා ලෝකයම විහිළුවක් කරලා තමයි නවතින්නේ. එයාට ඕනෑ විදිහට පාප් වහන්සේ පත්කරගත්තා. පාරිසරික, ලෝක වෙළඳ, මානව හිමිකම් වගේ ජාත්‍යන්තර සංවිධාන විහිලුවක් කරලා ඒවායින් අයින් වුණා. දැන් නොබෙල් එකටත් සොරි..

:       5       34

nipuna Wednesday, 25 June 2025 04:30 PM

ඇල්ෆ්‍රඩ් නොබෙල් මහත්තයා මිනී වලෙන් නැගිට්ටවන වැඩ මේවා...

:       4       37

ලුම්බිණි Wednesday, 25 June 2025 04:39 PM

විහිලු කරනවාද?

:       2       19

සෑම් Wednesday, 25 June 2025 04:43 PM

ඒක නම් මරු, එහෙම නම් රටේ ලෝකේ ඉන්න හොර තක්කඩි මිනීමරුවන්ටත් ලෝක වීර විභූෂණ සම්මාන දෙන්න ඕනෑ අනිවාර්යයෙන්ම...

:       5       22

Dewa Wednesday, 25 June 2025 05:54 PM

මේවා මරු ... ඉරානයට ගහන්න ගෙනැල්ලා ලෝකයටම පච වුණු වැඩේ වරද්දගෙන... එතකොට සටන් විරාම දාගත්තා. දැන් නොබෙල් ත්‍යාග මාව දැකලා පණ පලයන් පෙරේරා කිව්වලු...

:       0       0

m. saman perera Wednesday, 25 June 2025 06:11 PM

දෙයියෝ සාක්කි...!

:       0       0

prasanna Wednesday, 25 June 2025 06:19 PM

මෙහෙත් ඉන්නවා.. අල්ලස, දූෂණය, අපරාධ, කුඩු නවත්තපු කෙනෙක්.

:       1       4

Nandalal de Silva - France Wednesday, 25 June 2025 06:33 PM

ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම යෝජනා කරේ, අපේ ශ්‍රී ලංකාවේ තණකොළ, පුන්නක්කු වැනි ආහාරවල රස බලන දෙපා සත්ව කොටසක්ද? අපේ රටේ හිටපු ජනාධිපති ගෝඨාභය වගේම අඩියක් පෙරට, අඩි දෙක තුනක් ආපස්සට යන ට්‍රම්ප්ට මොන විදිහේ සාම ත්‍යාගද? ඉරානය ඊශ්‍රායලයට බයෙන් යුද්ධය අවසන් කලත්, න්‍යෂ්ඨික බෝම්බ නිපදවීම හොර රහසේ දිගටම කර ගෙන යනු ඇත. කවදා හෝ ට්‍රම්ප්ට ලැබෙන නොබෙල් සාම ත්‍යාගය ආපසු එරටට භාරදීමට ඔහුට සිදුවනු ඇත...!

:       1       3

Asela Wednesday, 25 June 2025 06:58 PM

ට්‍රම්ප් කිසි විටෙකත් ත්‍රස්තවාදියෙකු හෝ රටට එරෙහිව කටයුතු කළ අයෙක් නොවේ. ඔහු රට පාලනය කරන්නේ කෙසේදැයි දන්නා සාර්ථක ව්‍යාපාරිකයෙකි. නූතන ලෝකයේ දුප්පත්කම භයානක දෙයක් බව ඔහු දනී. උතුරේ බොහෝ ජාතිවාදීන් තම නායකයා ලෙස කුප්‍රකට ත්‍රස්තවාදියෙකු අපේක්ෂා කළ රටක් මෙයයි. නැවතත්, දෙමළ ජාතිකයන් අසාර්ථක වූ අතර සිංහලයින්ට පසුගිය මැතිවරණයේදී කුප්‍රකට ත්‍රස්තවාදී සංවිධානයක් ගෙන ඒමට හැකි විය.

:       10       7

KumarWednesday, 25 June 2025 09:42 PM

ඔයාගේ මොලේ අමාරුවක් ඇති නොබෙල් සාම ත්‍යාගයට නම ඉදිරිපත් කළ කෙනා ආපසු ගත්තා... මේ මිනිහා තමන් ගැන පමණක් සිතන මිනිහෙක්... තස්තවාදීන් යොදවලා බලයට එන්න හදපු මිනිහෙක්..

:       0       0

රටවැසියා Wednesday, 25 June 2025 10:16 PM

ට්‍රම්ප් ලොක්කට නොබෙල් සම්මානය හම්බෙනවා නම්, නෙතනියාහුටයි කුමේනිටයි සාමන්‍ය සම්මානයක් වත් දෙන්න ඕනැ!

:       0       0

Senarath Thursday, 26 June 2025 08:34 AM

ට්‍රම්ප් තමා මේ යුද්ධය මෙහෙයවන්නෙ. ඊස්‍රායල් කියන්නේ ට්‍රම්ප්ගේ සැලසුම් වලට උදව් කරන කෙනෙක් විතරයි. දැන් ට්‍රම්ප්ට පුළුවන් අරාබි රටවල් බය කරලා කප්පම් ගන්න ඩොලර් බිලියනවලින්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site