IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ට්‍රම්ප්ගේ ඉල්ලීමට ඇෆ්ගනිස්ථානය පිටුපායි

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකා හමුදාවට නැවත ඇෆ්ගනිස්තානයට පැමිණීමටත් චීනයට සමීප බග්රාම් ගුවන් කඳවුර ඇමෙරිකානු හමුදාව යටතේ නැවත ස්ථාපිත කිරීමටත් ඉඩදෙන ලෙසත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ඉල්ලීම ඇෆ්ගනිස්තානය ප්‍රතික්ෂේප කළ බවට එරට විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගියදා ප්‍රකාශ කළේය.

ඇෆ්ගනිස්තානය ඇමෙරිකාව සමග කටයුතු කිරීමට සූදානම් වුවත් නැවත ඇමෙරිකානු හමුදාවන්ට ඇෆ්ගනිස්තානය තුළට පැමිණීමට ඉඩලබා දිය නොහැකි බවත් එය ඇෆ්ගනිස්තානයේ ස්ථාවරය බවත් එරට විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය. බග්රාම් ගුවන් කඳවුර නැවත ඇමෙරිකානු හමුදාව යටතේ ස්ථාපිත කිරීමට තම පරිපාලනය කැමැත්තෙන් පසුවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පෙරේදා(18) ප්‍රකාශ කළේය.

බග්රාම් ගුවන් කඳවුර චීන දේශසීමාවට සමීපව පිහිටා තිබෙන බැවින් එයට උපාය මාර්ගිකව විශාල වැදගත්කමක් තිබෙන බව ට්‍රම්ප් පෙරේදා(18) පැවැසුවේය. චීනයේ න්‍යෂ්ටික මිසයිල කර්මාන්තශාලාවකට පැයක දුරින් පිහිටි ඇෆ්ගනිස්තානයේ බග්රාම් ගුවන් කඳවුර නැවත ඇමෙරිකානු හමුදා යටතට ගැනීමට උත්සාහ කරන බවත් කිසිම හේතුවක් නොමැතිව එවැනි වටිනාකමක් ඇති කඳවුරක් තලෙයිබාන්වරුන්ට ලබාදී ඇමෙරිකානු හමුදාව ඉවත්වී ඇති බවත් ට්‍රම්ප් එහිදී පෙන්වා දුන්නේය.

 



අදහස් (2)

ට්‍රම්ප්ගේ ඉල්ලීමට ඇෆ්ගනිස්ථානය පිටුපායි

MD Friday, 19 September 2025 03:40 PM

ට්‍රම්ප් ලෝකයම අන්දවන ලෝක කපටියා. චීනය, රුසියාව, උතුරු කොරියාව, ඉන්දියාව ඵකතු කරගත් ශක්තිමත් ආරක්ෂක සබැඳියාවක අත්‍යවශ්‍යතාවය ඉතා ඉක්මනින්ම සිදුකළ යුතුව ඇත.

:       5       20

NalinFriday, 19 September 2025 06:23 PM

ඇයි ලන්කාව....?

:       4       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 105 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 908 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 622 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site