IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ටයිල් ආනයනකරුවෝ දුක කියති

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන් වසර හතරක සිට එම භාණ්ඩ ආනයන කිරීමට පනවා ඇති සීමා ඉවත් කරන තෙක් බලා සිටියත් ඔවුන්ගේ ව්‍යාපාර නොසලකා හරිමින් රජය වෙනත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩවල ආනයන සීමා ඉවත් කරමින් සිටින බව ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන් පෙන්වා දී ඇත.

රජය ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනට පනවා ඇති සීමා ඉවත් කිරීමට ප්‍රමාදවීම හේතුවෙන් නැවත ගොඩගැනීමට නොහැකි ලෙස තම ව්‍යාපාර කඩා වැටෙමින් තිබෙන බව ප්‍රධාන ආනයනකරුවන් සහ වෙළෙඳුන් පවසා තිබේ.

ආනයන සීමා ඉවත් කරන බවට රජය පොරොන්දු වූවත් එසේ නොකිරීමෙන් දැනටමත් ආයතන 300 කට ආසන්න සංඛ්‍යාවක් වැසී ඇති බවත් ඉන් 100000 කට ආසන්න සෘජු සහ වක්‍ර සේවකයන් පිරිසකට රැකියා අහිමි වී ඇති බවත් ටයිල් හා සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඒ.එම්.ජේ.එම්.ජවුෆර් මහතා පෙන්වා දී ඇත.

රජය භාණ්ඩ 159 ක ආනයන සීමා මේ වන විට ඉවත් කර ඇතත් තවමත් ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනට පනවා ඇති සීමා ඉවත් කිරීමට කටයුතු කර නොමැති බව ආනයන කරුවන් ප්‍රකාශ කර තිබේ.

ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ව්‍යාපාරයට සම්බන්ධ නියෝජිතයන් මේ පිළිබඳ රජයෙන් කිහිප වතාවක් ඉල්ලීම් කළද ඉන් ප්‍රයෝජනයක් නොමැති වූ බව ආනයනකරුවන් පෙන්වා දී ඇත.රජය ආනයන සීමා ඉවත්කරන ලෙස තමන් කළ ඉල්ලීම් නොසලකා හැරීමෙන් ප්‍රමුඛ පෙළේ නිෂ්පාදකයන් තිදෙනෙකු වෙළඳපොල ඒකාධිකාරය ලබා ගෙන ඇති බව ආනයනකරුවන් චෝදනා කර තිබේ.

 



අදහස් (2)

ටයිල් ආනයනකරුවෝ දුක කියති

Perera Wednesday, 24 May 2023 08:28 AM

එහෙම ආනයනය කලොත් දම්මිකට මොකද වෙන්නේ ?

:       2       10

Lal Wednesday, 24 May 2023 08:50 AM

දේශීය නිෂ්පාදිත නිෂ්පාදන සමඟ යන්න

:       9       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site