IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ටිපරය නවතා තිබු බසයේ හැපේ

 

 වැලි පැටවු ටිපරයක් ගලේවෙල බස් නැවතුම් පොළ අසල නතර කර තිබු බසයක හැපී බසයට නගිමින් සිටි පළතුරු වෙළෙන්දකු මියගොස් මගීන් දස දෙනකු තුවාල ලැබු බව පොලීසිය කියයි.

 බරපතල තත්වයේ   සිවි දෙනකු  පසුවන බව රොහල්  ආරංචි කියයි.



අදහස් (0)

ටිපරය නවතා තිබු බසයේ හැපේ

ගලේවෙල Friday, 12 July 2013 10:46 PM

මෙම අනතුරින් මියගියේ පළතුරු වෙළෙන්දා නොව ඒ අසල සිටි වෙනත් පුද්ගලයෙකි. පළතුරු වෙළෙන්දාගේ එක් පාදයකට තුවාල සිදුවී ඇත.(නදී)

:       0       0

අසේල Friday, 12 July 2013 10:53 AM

මොකද මේ වෙන්නේ? පරණ ගුවන් විදුලි බලපත්‍ර වලින්ද මේ අය වාහන එලවන්නේ? (දී)

:       0       0

චන්දි Friday, 12 July 2013 10:56 AM

කිසිම කතාවක් ඕනෑ නැහැ. ඔය වගේ රියදුරන්ගේ ලයිසන් එක කැන්සල් කරන්න ඕනෑ (දී)

:       0       0

සරත Friday, 12 July 2013 10:59 AM

අහිංසක වෙළෙන්ඳා මාරවෙස් ගත් රියැදුරා අරන් ගියා (දී)

:       0       0

උපාලි Friday, 12 July 2013 11:12 AM

ඔය බර වාහන පදවන රියදුරෝ බොහොම වෙලාවට බීලා ඉන්නේ. නීති ගෙන්න ඕනෑ මෙයාලා අර පොල්ගහවෙල (යාන්ගල් මෝදර) රියදුරාට වගේ මිනීමැරුමට වරදකරු කරන්න පුළුවන් විදිහට. (දී)

:       0       0

ධනංජය Sunday, 14 July 2013 08:02 AM

දෙවි පිහිට පාරේ යන අයට වෙන දේ තමයි මේ (නි)

:       0       0

ධනංජය Sunday, 14 July 2013 08:06 AM

චන්දි, මෝඩ කතා එපා. ආගම දෙකේ ඇත්ත නැත්ත කොහොමද මනින්නේ ඇක්සිඩන්ට් එකකින්? පාරේ ගිය ටිපර් එකක් බස් එකක හැප්පිලා, ඔයා කොහොමද ඒකට ආගම ගාවා ගන්නේ? (නි)

:       0       0

රුවනි Friday, 12 July 2013 06:08 PM

කණගාටුයි. එක වහනයක ලියා ඇත්තේ ජේසු පිහිටයි ,අනිකේ ඇත්තේ නමෝ බුද්දාය කියා. අපට කිව හැක්කේ මියැදුන මිනිසාට නිවන් සුව ලැබේවා කියලයි (නි)

:       0       0

චමිල නුවන් Saturday, 13 July 2013 04:00 PM

බසයට බුදු සරණයි. ! ටිපරයට ජේසු පිහිටයි ! (ස)

:       0       0

අසාද් Friday, 12 July 2013 01:46 PM

ආන්ඩුවෙන් මත්වතුර පෙර පෙරා දෙනවා මිනිස්සු බීල මැරෙනවා.(නද

:       0       0

මර්වින් Saturday, 13 July 2013 04:48 PM

කඋරුත් කැමති නැත හප්පගන්න,සැම දේකටම දඩුවම ගැන කතා කරන්න එපා.දඩුවම් වැඩිවෙන්න වැඩිවෙන්න වැරදි වෙනවා වැඩිය (ත)

:       0       0

කිත්සිරි Friday, 12 July 2013 01:48 PM

තාම දන්නේ නැහැනේ රියදුරුගේ වැරැද්දෙන් ද, වාහනයේ දෝෂයක් නිසාද මේ අනතුර සිද්ධ වුනේ කියලා. කොහොමත් ඔය ටිපර්, බස් එලවන කවුරුත් එයාලගේ රථය පාලනය කරගත හැකි වේග සීමා ඉක්මවල ධාවනය කරවනවා. මොකද අනිත් පොඩි වාහන ඒවාට බය වෙලා පන බේරගන්න අයින් කරගන්න බව දන්නා නිසා. (දී)

:       0       0

සුරියප්පෙරුම Friday, 12 July 2013 01:57 PM

වෙල්ගම මහත්තයෝ, බස් රථවල නාරං, දොඩන්, රට කජු, සුකිරි විකුනනවා මදිවට අරාබීන්ට ගෑනු යවන ඒජන්තලගේ මනස් ගාත සඟරාත් බලෙන් මගීන්ගේ ඇඟේ ගසමින් අලවිකිරීම ඉතා අනතුරුදායක බව වටහාගෙන දැන්වත් පොදු ප්‍රවාහන රථවල සිදුකෙරෙන කරදරකාරී වෙළඳාම තහනම් කරන්න. (දී)

:       0       0

නිමල් Saturday, 13 July 2013 07:52 AM

මෙවැනි රියදුරන්ට අනිවාර්යයෙන්ම දැඩි දඩුවම් පැමිණවිය යුතුයි. නීතිවේදීන්ද මෙවැනි අය වෙනුවෙන් පෙනී නොසිටිය යුතුයි. (නි)

:       0       0

ජයන්ත Friday, 12 July 2013 02:13 PM

ඕගොල්ලෝ ඔක්කොම කියන්නේ මේ බස් වල රියදුරන් තමයි බස් අනතුරුවලට වග කියන්න ඕනෑ. ඒකත් එක හේතුවක් තමයි. මුලික ප්‍රශ්නය තියන්නේ පගා අරගෙන එලවන්න බැරි රියදුරන් සහ මාර්ග නීති රීති නොදන්නා අයව පාස් කරන අය. (දී)

:       0       0

සුරියප්පෙරුම Friday, 12 July 2013 02:18 PM

මා දිනපතා කිමි 25-30 ක් ප්‍රධාන මාර්ගවල බයිසිකල් පදිනවා. ඒ නිසා ස්ථිරවම කිවහැකියි බස් රියදුරන්ට වඩා ටිපර් රියදුරෝ පාරේ යන මගීන් හා බයිසිකල්කරුවන් ගැන වැඩි අවධානයක් යොමුකර හැමවිටම වාගේ නලාව ශබ්ද කරන බව. ලොරිකාරයෝ හොඳට කන බොන මිනිස්සු වෙච්ච පලියට ඔවුන්ට නිරපරාදේ දොස්කියන එක වැරදියි. දඩාවතේ යන බල්ලන්ට බොරු අනුකම්පාවක් පෙන්වා ලේසියෙන් පින් රැස්කර දිව්‍යලෝකේ සැප ගන්න ඉන්න කට්ටිය නිසා සිදුවන මාර්ග අනතුරු ඇත්ත වශයෙන්ම මීට වඩා ඉතා අධිකයි. (දී)

:       0       0

ගමගේ Friday, 12 July 2013 02:19 PM

මැදපෙරදිග ඉන්න ලාංකිකයෙක් හැටියට මට මේක දැක්කම පුදුම තරහක් ඇතිවෙන්නේ. හේතුව අපේ මිනිස්සුන්ට මනුස්සයා කියන සතා කෙරෙහි තියෙන අඩුම අඩු ආදරය හා ගෞරවය ගැන. මොකද මට මතකයි මතුගම පැත්තේ පාර මැද්දට නයෙක් ඇවිල්ලා පැය ගානක් වාහන බ්ලොක් වුනා ඌ යනකන්. ඒත් ටවුමක් මැද්දෙන් යන අපේ රියදුරෝ මේ නයාට දීපු ගෞරවයවත් මේ මිනිස් සතාට නොදෙන එක ඛේදනීයයි. මේ ක්‍රමය වෙනස් කල යුතුයි. මේකට හොඳ දඬුවම් දියයුතුයි. මිනිස් ජීවිතයක වටිනාකම වටහා දිය යුතුයි. ගව ගාතනය වගේම මේකත් වැරදියි නොවෙද? මේ මිනිස් ගාතන වලට කට්ටිය කොච්චර බයක් තියනවද? අනේ අපේ රට හදන්න කවදා හැකිවේවිද? සත්තකින්ම පුදුම කේන්තියක් හිතට එන්නේ. අම්මපා මට බලය තිබ්බා නම් ඕක ඉතා හොඳ මට්ටමකට ගෙනෙන්න මම උත්සාහ කරනවා. නැවතත් කියන්නේ මරන හරකෙකුට වඩා මැරෙන මිනිසකු වෙනුවෙන් රටම "බල සේනාවක්" වී හඬක් නගමු. මිනිස් ජීවිත බේරාගනිමු. (දී)

:       0       0

නසා Friday, 12 July 2013 02:22 PM

සමහරුන්ගේ කතා යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ..... (දී)

:       0       0

චන්දි Friday, 12 July 2013 07:37 PM

රුවනි, ඔයා ලියපු දේම මටත් හිතුන නිසා නැවතත් ලිවුවේ.වාහන දෙකේ වචන දෙක ගත්තම ඇත්තටම දැන් මේ ආගම් වල සත්‍යක් තියෙනවද කියලත් සැකයි නේද (නි)

:       0       0

සංජීව ප්‍රේමරත්න Friday, 12 July 2013 03:45 PM

මෝඩ කමට බෙහෙත් නැහැ යාලු. ඒත් හැම දේම හිතලා බලලා කරනවානම් මෙහෙම වෙන්නේ නැහැ.(නදී)

:       0       0

දර්ශන් Friday, 12 July 2013 10:42 AM

ටිපර සදහා දැඩි නීති පනවන්න. එය නිසා නොසිතු විරු අනතුරු සිදුවෙනවා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 338 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 211 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site