ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පූජෝත්සවය උතුරු අමෙරිකාවේ ප්‍රධාන සංඝනායක සහ ඔස්ටින් බෞද්ධ මධ්‍යස්ථානාධිපති එළුවාපොළ ඤාණරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි හා උණලීයේ සිරිනන්ද ස්ථවිරයන්ගේ සංවිධානත්වයෙන් පැවැත්විණි.
වෛද්‍ය සංජය සූරියආරච්චි, කුශාලි ගමගේ, ස්ටේසි මිලර්, චම්මි සුමුදුමලී, සිරියලතා, පුණ්‍යසේන, කල්‍යාණි යන මහත්ම මහත්මීහූ ප්‍රධාන දායකයෝ වූහ. විහාරස්ථානය ආරම්භ කළ දිලුම් චන්ද්‍රසෝම, සුරංගි විද්‍යාරත්න ඇතුළු දායක දායිකාවන්ගේ සහභාගීත්වයෙන් ලෙස පිංකම පැවැත්විණි. පුරාණ චාරිත්‍රානුකූලව කඨින වස්ත්‍රය අලුයම 5ට විහාරස්ථානය කරා වැඩමවා කපා මසා පඩුගන්වා එදින මහා සංඝරත්නය වෙත පුජා කැරින.
අභිනවයෙන් ඉදිකළ බෝධිප්‍රාකාරයට පිවිසීම සදහා නිමවන ලද බෝධිරාජ මාවත නමි නව පිවිසුමද මාවත, ශානක, ධර්මනී, ප්‍රදීප්, නදීකා, දමිත, හිමාලි, නිලංක, සුමුදු, ජනක යන පිරිස සමඟ විහාරස්ථ දහම් පාසල් සිසුහූ හා විශේෂ දායකත්වය ලබා දුන් මහාචාර්ය උපාලි වීරසූරිය, රංජනී, තමරා, ආනන්ද, වෛද්‍ය කෞශල්‍යා ගොඩිගමුව, දුෂාන්ත ඒ අවස්ථාවට එක් වූහ.
වෛද්‍ය සංජය සූරියආරච්චි ඇතුළු පවුලේ සැමගේ සහයෝගයෙන් ඉදිකළ දර්ශනීය පිරිත් මණ්ඩපය සිට මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනය කළහ. පසුදින බෞද්ධ මධ්‍යස්ථාන දහම්පාසලේ ආචාර්ය වෛද්‍ය චමලී නාමල් වීරතුංග මහත්මියගේ එලිෆන්ට් ගේට් නම් කෘතිය මහාසංඝරත්නය වෙත පිරිනැමිණි.
කඨින පිංකම් මහෝත්සවය සදහා වැඩම කළ කැලිෆෝනියා පසදිනා විහාරාධිකාරී මාකදුරේ ධම්මපීති හිමි, මීගමුව දෙමංහන්දියේ මුතුවාඩියේ උපසීහ හිමි, ඩලස් බෞද්ධ මධ්‍යස්ථානවාසී පුණ්ණජී හිමි, සමිත හිමි, ඔක්ලාහෝමා විහාරාධිපති පියරතන හිමි, වට්බුද්ධනානාචාත් විහාරවාසී තායි හා වියට්නාම් හිමිවරු සංඝික දානයට වැඩම කළහ.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ටෙක්සාස් කඨිනේ පෙර සිරිතට
අමිත දසනායක Saturday, 15 November 2014 03:59 AM
සාධු ! සාධු ! බුදු සසුන බැබලේවා !(හේ)
චෙම්ෆෙරෙඩ් Friday, 14 November 2014 02:53 PM
කටිනයේ විස්තරවලට අමතරව ගොඩක් පුත්ගල නම් නිසා වෙළඳ දෙන්වීමක් වගේ. (ර)
කොඩිකාර Friday, 14 November 2014 07:51 PM
සාධු සාධු සාධු!!! හරිම ලස්සනයි (නි)
ප්‍රියංක Friday, 14 November 2014 09:56 AM
හරිම ආදර්ශමත් කරින පූජාවක්. මේ ආදර්ශය අපේ රටේ කට්ටියටත් වටිනවා. (හේ)
නිහාල් ප්‍රනාන්දු -කටාර් Saturday, 15 November 2014 02:03 PM
හරිම සතූටක් දැනෙනවා අපේ ලොකු හාමුදුරුවනේ....! මේ උතුම් පිංකමට වැඩම කළ සියලුම ස්වාමීන් වහන්සේලාටත්...ලොකු, කුඩා සෑම උපාසක, උපාසිකාවනටත් නිදුක්, නීරෝගී, දීර්ඝායුෂ ලබත්වා.... සාධූ...!!!!!!(අ)