(සචිත් ලියනගේ ටෝකියෝ නුවර සිට) ජපානයේ ටෝකියෝ නුවර සාඛ්‍යමුණි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ (හචි ඕජි විහාරයේ) වාර්ෂික වෙසක් මහා පිංකම පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විනි. විහාරාධිපති අමරපුර නිකායේ අනුනායක යාලගමුවේ ධම්මිස්සර හිමියන්ගේ අනුශාසනා පරිදි, අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහනායක රාජකීය පණ්ඩිත දවුල්දෙන ඥානීස්වර මාහිමියන්, රාමඤ්ඤ මහ නිකායේ මහනායක රාජකීය පණ්ඩිත නාපානේ පේමසිරි මාහිමියන් ඇතුළු දෙස් විදෙස් ස්වාමින්වහන්සේලාගේ හා ජපානයේ ශ‍්‍රී ලංකා තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු එම උත්සවය සඳහා ජපානයේ වෙසෙන ශ‍්‍රී ලංකිකයින් විශාල පිරිසක් සහභාගිවුහ. පෙහෙවස් සමාදන් වීම, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ අටවිසි බුද්ධ වන්දනා වැඩසටහන් වලට අමතරව වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ දන්සලක් හා වෙසක් කුඩු ප‍්‍රදර්ශනයක්ද ජපානයේ වෙසෙන ශ‍්‍රීලාංකික ප‍්‍රජාව විසින් සංවිධානය කර තිබිණි .
ජපානයේ වෙසෙන ශ‍්‍රීලාංකික දරුදැරියන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන ශ‍්‍රී දම්සර දහම්පාසලේ වාර්ෂික ත්‍යාගප‍්‍රදානෝත්සවය ද මෙදිනට යෙදී තිබිණි. විශේෂ ගුරු උපහාර වැඩසටහනක්ද පැවැත්විණි. තවද, ඇමරිකා එක්සත්ජනපදයේ සිට වැඩම කළ යටියන වජිරපාල හිමි හා බොකංඔරුවේ දේවානන්ද හිමි විසින් ඉංග‍්‍රීසි බසින් ධර්ම සාකච්ඡාවක් පවත් වුහ.
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටෝකියෝ නුවර වෙසක්