IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ටීඑම්වීපී මහලේකම් අත්අඩංගුවේ

තමිල් මක්කල් විදුතලෛ පුලිගල් (ටීඑම්වීපී) පක්ෂයේ මහලේකම් හා නැගෙනහිර හිටපු පළාත් සභා මන්ත්‍රී පූපාලපිල්ලේ ප්‍රිෂාන්තන් (30) කාත්තන්කුඩි පොලිසියෙන් අද (23) අත්අඩංගුවට ගත් බව කියයි.

2008 දී ආරියම්පති පොදු වෙළඳපළේ මිනීමැරුම් දෙකක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහු අවශ්‍යව සිටි බව පොලිසිය පවසයි.

ටීඑම්වීපී පක්ෂයේ නායක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණාය. ඔහු හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙක්ද ශ්‍රීලනිපයේ උප සභාපතිද විය. කොටි නායක ප්‍රභාකරන්ගේ නැගෙනහිර නායකයා වූයේද කරුණාය.

කරුණාගේ සමීපතමයකු වන ශිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නැගෙනහිර හිටපු මහ ඇමැති දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් රඳවාගෙන ප්‍රශ්න කරයි.



අදහස් (0)

ටීඑම්වීපී මහලේකම් අත්අඩංගුවේ

මොහාන් Friday, 23 October 2015 06:45 AM

මට පේන විදියට පිල්ලෙයාන් ගිරවා වෙලා වගේ. කට්ටියම පරිස්සමින් හිටියොත් හොදා (බ)

:       0       0

සුසන්ත Friday, 23 October 2015 02:55 PM

හොඳම වැඩේ මේගොල්ලන්ට හමුදාව එක්ක එකතු වෙලා එල් ටී ටී ර්‍ර පැරද්දුවට. දැන් ඉතින් එල් ටී ටී ර්‍ර සනසවන්න අලුත් ආණ්ඩුවෙන් කරන පළිගැනීම් වලට මුණ දෙන්න ලෑස්ති වෙන්න. හූ හොඳම වැඩේ පිරභාහරන්ට විරුද්ධ වුනාට..(රේ. )

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 23 October 2015 08:31 AM

මිය ගිය මිනිසුන් වෙනුවෙන් යුක්තිය ඉටුවීම සඳහා ගතවූ කාලය වැඩියි. (ත)

:       0       0

ලක්ෂ්මන් Friday, 23 October 2015 07:34 PM

එහෙම තමයි. නීතියට කවුරුත් යටයි (නි)

:       0       0

සත්‍යයා Saturday, 24 October 2015 12:33 AM

සුසන්ත,යමක් ලිවීමට නිදහස තිබු පළියට ජාතික ප්‍රශ්න වලදී ඔය තරම් පටු විදියට හිතන්න එපා. පිල්ලෙයාන්, කරුණා අම්මාන් විතරක් නොවෙයි, මහින්දලා. නාමල්ලා, ගෝඨලා වුණත් වැරදි කරලා තියෙනවා නම් දඬුවම් විඳින්නම ඕනෑ. නීතියක් අධිකරණයක් තියෙන්නේ ඕවට තමයි. (නි)

:       0       0

සුභාෂ් Friday, 23 October 2015 11:55 AM

නිශ්ශබ්දව බලාගෙන ඉන්න එකයි හොඳම දේ (නි)

:       0       0

ජයලත් Friday, 23 October 2015 06:24 AM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 446 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site