IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඥානසාර හිමිට වරෙන්තු

(රෝෂන් තුෂාර)

ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු කොට ආගමික සංහිඳියාවට බාධා කළේ යැයි චෝදනාව  ට අදාල නඩුවේ  තීන්දුව ලබාදීමට නියමිත අද(19) දිනයේ අධිකරණයේ පෙනී නොසිටි බොදු බල සේනා සංවිධානයේ නායක ගලබඩඅත්තේ ඥානසාර හිමිට  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා  වරෙන්තු නිකුත්  කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසය ගොනු කළ නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කළ අතර ඇපකරුට නොතීසි ද නිකුත් කළේය.

2016 ජූලි මස අටවෙනි දින කිරුළ පන පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී  ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකින් ආගමික සංහිඳියාව බිඳියාන ආකාරයෙන් කටයුතු කර ඇති බවත්,ඒ අනුව දණ්ඩ නිති සංග්‍රහයේ 291( ආ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවට  චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබිණි.

සැකකාර හිමි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ඥානසාර හිමියන් කොළඹ රෝහලක ප්‍රතිකාර ලබන බැවින් අධිකරණයේ පෙනී සිටීමට අද දින නොහැකි බවය.

නඩුවේ තීන්දු ප්‍රකාශය ලබාදීමට නියමිතව තිබූ අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුට වරෙන්තු නිකුත් කරමින් ඇපකරුට නොදීසි නිකුත් කළේය.



අදහස් (2)

ඥානසාර හිමිට වරෙන්තු

රාජපක්ෂ Thursday, 19 December 2024 01:23 PM

අපේ ආණ්ඩුවක් තිබ්බනම් අපේ හාමුදුරුවන්ගේ මයිල් ගහක්වත් හොල්ලන්න දෙන්නේ නෑ.

:       34       20

පැරකුම් Friday, 20 December 2024 11:02 AM

මේ තවදුරටත් බෞද්ධ භික්ෂුවක්ද? මම නම් එහෙම හිතන්නේ නෑ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site