IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඥානසාර හිමිට වරෙන්තු

හෝමාගම මහේස්ත්‍රාත් උසාවියේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව විභාග වෙද්දී සන්ධ්‍යා එක්නැලිගොඩට බැන වැදුණු බව කියන බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පොලිසියට නියෝග කළේය.

විවෘත අධිකරණයේදී අධිකරණයට අපහාස කළැයි ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට මහේස්ත්‍රාත් වරෙන්තු නිකුත් කළේය.

සන්ධ්‍යා එක්නැලිගොඩට බැන වැදීමෙන් පසු ඥානසාර හිමියන් අධිකරණයෙන් පිටව ගිය බවද කියති.

අතුරුදන් කළැයි කියන ප්‍රගීත් එක්නැලිගොඩගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මේ සිද්ධිය මහේස්ත්‍රාත්වරයාට සැල කළහ.

එක්නැලිගොඩ නඩුවේ හමුදා බුද්ධි අංශ සැකකරුවෝ අද අධිකරණයට පැමිණ සිටියහ. යුද හමුදාපති පරීක්ෂණවලට සහාය දෙන බව පැවසූ නිසා ඔහු සම්බන්ධ ප්‍රශ්නයක් පැන නොනගින බව මහේස්ත්‍රාත් කීවේය. 

ලබන 9 වැනිදාට නඩුව කල් තැබිණි.

vlcsnap-2016-01-25-16h48m27s176 vlcsnap-2016-01-25-16h48m49s142 vlcsnap-2016-01-25-16h49m05s43 vlcsnap-2016-01-25-16h49m47s211



අදහස් (0)

ඥානසාර හිමිට වරෙන්තු

සමන්ති Monday, 25 January 2016 11:08 PM

මේ අය නිසා තමයි සංඝ කතිකාවත ගෙන ආ යුත්තේ. (නි)

:       0       0

නිපුන Monday, 25 January 2016 12:39 PM

අර පනත ඉක්මනින්ම ගෙන්න ඕනේ. (ර)

:       0       0

කමල් Monday, 25 January 2016 12:54 PM

අපට ශ්‍රී සුමංගල හාමුදුරුවෝ මතක් වෙනවා. පොදු ජනතාව ඔබ සමග. (ර)

:       0       0

අචලා Monday, 25 January 2016 01:21 PM

සිවුරට හැංගිලා ඕන තරමක් කුණුහරුප කියන අයෙක්. පාලකයන්ට බනින්න අයිතියක් නෑ (බ)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 26 January 2016 02:25 AM

මේ වගේ අය ශාසනයට සුදුසුද? (නි)

:       0       0

ජගත් Monday, 25 January 2016 02:10 PM

සංඝ කතිකාවේ වටිනාකම පේනවා නේද? (කෞ)

:       0       0

සම්පත් සුරංග Monday, 25 January 2016 02:11 PM

හාමුදුරුවෝ පෙනී හිටියේ රට බේරාගත් රණවිරුවන් වෙනුවෙන්. දැන් ඉන්න මිනිස්සු කොටි දන්නෙත් නැහැ රණවිරුවෝ අදුනන්නෙත් නැහැ.(අ)

:       0       0

බණ්ඩා Monday, 25 January 2016 02:56 PM

ශාසනය පිරිසිද කළ යුතුයි (අ)

:       0       0

නිම්මි Monday, 25 January 2016 03:05 PM

හාමුදුරුවනේ රට ජාතිය වෙනුවෙන් ඉවසීමෙන් වැඩ කරන්න. (අ)

:       0       0

සිතුම් Tuesday, 26 January 2016 04:48 AM

හාමුදුරුවෝ පෙනී හිටියේ රට බේරාගත් රණවිරුවන් වෙනුවෙන්. දැන් ඉන්න මිනිස්සු කොටි දන්නෙත් නැහැ රණවිරුවෝ අදුනන්නෙත් නැහැ (බ)

:       0       0

චරිත් Monday, 25 January 2016 10:35 AM

මේ වගේ අය වහාම ශාසනයෙන් පන්නා දැමිය යුතුයි. (බ)

:       0       0

සුරේන් Monday, 25 January 2016 10:38 AM

අනේ පව් මෙයා.. කට නිසා හැමවෙලේම ප්‍රශ්නයක් (බ)

:       0       0

චතුර Monday, 25 January 2016 04:57 PM

යාපනේ උසාවියට ගල් ගහපු අයට නඩු නැද්ද? හාමුදුරුවනේ, අපි ඔබ වහන්සේ සමඟයි. ඔබවහන්සේ කවුද කියල තේරෙන්න මිනිසුන්ට ගොඩක් කල් යයි. සෝම හාමුදුරුවන්ටත් මිනිස්සු බැන්නනේ. ඒත් අගය තේරුනේ අපවත්වෙලා කාලයක් ගියාට පස්සේ. (නි)

:       0       0

නාමල් Monday, 25 January 2016 10:53 AM

කාලයක් නීතිය අතට අරන් හිටිය නිසා දැන් නඩුකාරයෙක් කියලා හිතෙනවා ඇති (බ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 25 January 2016 10:54 AM

අඩුම තරමේ චීවරේ ගෞරවයවත් රැක ගමුද අපේ හාමුදුරුවනේ ? (ම)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 25 January 2016 11:07 AM

ඔබ වහන්සේ කෙලින් කතාකරන කෙනෙක් බව ඇත්ත. එත් මොනවද මේ කරගන්නේ.(ම)

:       0       0

උදේනි Monday, 25 January 2016 11:23 AM

එතකොට අධිකරණෙට ගල් ගහපු අයට මේ බුද්ධි අංශ තමයි තාම මේ උතුම් රට තියෙන්නේ. රට පාවා දීලා සල්ලි හම්බ කරපු කෙනා නිසා නෙමෙයි (බ)

:       0       0

මහේෂ් Monday, 25 January 2016 11:17 AM

දුක ඇති මෙයාලගේ රජ්ජුරුවන්ගේ අපරාධ අහුවෙයි කියලා (හේ)

:       0       0

දීපාල් Monday, 25 January 2016 11:21 AM

හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ දේශපාලන ව්‍යාපාරය රටට ජාතියට සේවයක් තමයි, ඒත් තැනකට ගියහම හැසිරෙන විදියක් තියනවා. අර ක්‍රිකට් ගහනකොට වගේ අනවශ්‍ය පන්දුවලට පිත්ත දිගු නොකර තොර බේරාගෙන ගියොත් දිගු ඉනිමක් යන්න පුළුවන්.(හේ)

:       0       0

ලලිත් Monday, 25 January 2016 11:29 AM

අබ සරණයි (බ)

:       0       0

සමන් Monday, 25 January 2016 11:24 AM

බුද්ධාගමේ නාමයෙන් පෙනිසිට සැබෑවටම එය විනාශ කරන කෙනෙක් (බ)

:       0       0

අසාද් Monday, 25 January 2016 11:30 AM

මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ......(බ)

:       0       0

මහේෂ් Monday, 25 January 2016 11:37 AM

හමුදුරුවනේ බණක් භාවනාවක් කරගෙන හිටියානම් හරිනේ.(හේ)

:       0       0

ලලිත් සිල්වා Monday, 25 January 2016 11:53 AM

ඔබවහන්සේ රට වෙනුවෙන් කතා කළා. (ම)

:       0       0

විදුර Monday, 25 January 2016 11:58 AM

ඔබ වහන්සේ රටටත් ජාතියටත් මහත් ආඩමිබරයක් ජය වෙිවා (ම)

:       0       0

ජනක Monday, 25 January 2016 10:12 PM

ජගත්, ඔබ හරියටම හරි. අපවත් වී වදාළ අපේ සෝම හාමුදුරුවන් මීට වඩා සේවයක්, පිබිදීමක් කළා. එහෙත් උන්වහන්සේ මේ විදිහට කවදාවත් හැසිරුනේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site