
(රෝෂන් තුෂාර)
ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු කිරීමෙන් පසුව මාස නමයක සිර දඬුවමක් හිමිවූ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප ලබාදීමට කොළඹ මහාධිකරණ අද නියෝග කළේය.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් පසුගිය ජනවාරි 09 දින ලබා දුන් මාස නවයක ලිහිල් වැඩ සහිත සිර දඬුවමට එරෙහිව ඥානසාර හිමියන් විසින් ගොනු කළ අභියාචනය සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.
රුපියල් පන්දහසක මුදල් ඇපයක් සහ ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් ඥානසාර හිමියන්ට නියම කොට ඇත.
2016 වසරේ ජූලි මස 16 වනදා කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී "ඉස්ලාමය පිළිකාවක්.. එය අතුගා දමන්න ඕනේ." යනුවෙන් ප්‍රකාශ කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝණය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ පොලිසිය විසින් ඥානසාර හිමියන්ට මෙම නඩුව ගොනු කර තිබුණි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මෙම සිර දඬුවම ජනවාරි 9වෙනි නිකුත් කළඅතර ඥානසාර හිමියන් වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප ඉල්ලීම ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව මෙසේ මහා අධිකරණයට ප්‍රතිශෝධන අය දුම් පත්‍රය ගොනුකොට තිබිණි.
2025 නොවැම්බර් මස 04
818
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2466
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1773
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට