IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජී එල් චීනයේ

ශ්‍රී ලංකා විදේශ ඇමැති  මහාචාර්ය  ජී එල් පීරීස්   මේ දින වල චීනයේ සංචාරයේ යෙදේ. ඒ පුවත්පත් සාකච්ඡාවකදී ඔහු පැවසුවේ දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා මඟින්  සහයෝගීතා  සහභාගීත්වය වර්ධනය කැර ගැනීමත් සංචාරත කර්මාන්තය වැඩි දියුණු කැර ගැනීමත් අරමුණ බවයි. ගිය වසරේ චීන සංචාරකයෝ  විසිදහසක් ශ්‍රී ලංකාවට පැමිණියේය. මෙම ගනණ ලක්ෂයක් දක්වා වැඩි කැර ගැනීම අරමුණයි.



අදහස් (0)

ජී එල් චීනයේ

සේන Saturday, 15 June 2013 12:11 AM

මම දවසක් පත්තරේක දැක්කා ධීවරයන්ගේ උන්නතිය උදෙසා 27 වතාවක් රට ගිය ඇමති කෙනෙක් ගැන, එක අවුරුද්දක් ඇතුළත. බලන්න. එයාලා කොච්චර අපි සාමාන්‍ය මිනිස්සු ගැන හිතනවද කියලා (නි)

:       0       0

සුපුන් Saturday, 15 June 2013 12:13 AM

තනියමද ගියේ...? (නි)

:       0       0

සේරම් පැරිස් Saturday, 15 June 2013 12:18 AM

යුරෝපයේ සංචාරකයොත් සල්ලි වියදම් කරන්නේ නැහැ දැන්. අනික් එක ලංකාව දැන් ආසියාවේ වෙනත් රටවලට වඩා වියදම වැඩි රටක් වෙලා. සංචාරක හෝටල් වල මිල ඉතා අධික වගේම ගමනාගමනය ඔවුන්ට ඉතා අධික රටක් වෙනත් රවල් සමග බැලුවම.ආසියාවේ ධනවත්ම රට තව අවුරුදු කිහිපයකින් ලෝකයේ ආර්ථිකයේ බලවත්ම රට. ආසියානුවන් හැටියට අපි ආඩම්බර වෙන්න ඕනෑ, චීනා එක්ක සම්බන්ධකම් පවත්වන්න (නි)

:       0       0

මාලක Friday, 14 June 2013 04:53 PM

අපේ සල්ලිවලින්ද ගියේ.(ත)

:       0       0

සුකිරි Friday, 14 June 2013 04:55 PM

නෑදෑයෝ, ඡන්දෙට වැඩකරපු අය එහෙම එක්කන් ගියාද?(නදී)

:       0       0

සකලා Friday, 14 June 2013 04:57 PM

අපේ ඇමතිවරුන්ටත් චීනෙන් ගෙවල් අරන් දුන්නොත් හොද නැද්ද? (නි)

:       0       0

රුවන් Saturday, 15 June 2013 03:20 AM

යුරෝපේ දැන් බංකොලොත් වෙලා තියෙන්නේ. චීන්නු ගාව හොඳට සල්ලි තියෙනවා. දුප්පත් චීන්නුත් ඉන්නවා. සල්ලි තියෙන චීන්නු ගෙන්නා ගන්න පුළුවන් නම් හොදයි. (නි)

:       0       0

රෝහිත Friday, 14 June 2013 05:41 PM

රට වෙනුවෙන් වැඩ කරන එක අගය කරනවා (දී)

:       0       0

අපොන්සු Saturday, 15 June 2013 05:14 AM

මේ ගමන් වලදී රටේ දේවල් කෙසේවෙතත් තමන්ගේ ව්‍යාපාර කටයුතු නම් නොකෙරි නැත්තේ නැහැ.(අ)

:       0       0

ajithkarunaratne Saturday, 15 June 2013 08:05 AM

අපොයි ඇමතිතුමා මොකට බයවෙනවද තව කොන්ත්‍රාත් ටිකක් චීන්නුන්ට දුන්නම ලක්ෂයක් නොවෙයි දෙලක්ෂයක් උනත් ඒවි මෙහාට. මොකද ඒවායේ කම්කරු වැඩ කරන්නෙත් චීන්නුමනේ. (අ)

:       0       0

නීල් Friday, 14 June 2013 04:01 PM

තියෙන තොරතුරේ හැටියට මට නම් හිතෙන්නේ සංචාරක ඇමතිතුමාත් ගියා නම් හොදයි කියලා (නි)

:       0       0

දිසානායක Saturday, 15 June 2013 10:35 AM

ඉන්දියාව හොදයි. චීනය හො... දා.. යි.... (නි)

:       0       0

නීළා Friday, 14 June 2013 04:14 PM

තනියමද ගියේ? (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 14 June 2013 04:21 PM

මේ ගොල්ලෝ ආවට වියදම් කරලා බඩු ගන්නේ නැහැ , යුරෝපයෙන් එන සංචාරකයෝ වගේ නෙමෙයි. යුරෝපයෙන් සංචාරකයෝ ආවම සල්ලි ලොකු කුඩා කාටත් බෙදිලා යනවා. ගිය පාර සීසන් එක දකුණේ මිරිස්ස ඇරුනහම අනිත් හැම තැනම එච්චර සරු නැහැ. සමර් සීසන් එකත් සවුත්තුයි. කරුණාකර යුරෝපයෙන් සංචාරකයන් වැඩියෙන් ගෙන්වා ගන්න වැඩපිළිවෙලක් හදන්න. (නි)

:       0       0

රත්නසිරි Friday, 14 June 2013 04:22 PM

නිලෝ, එතුමා චීනෙක් කියලා හිතුවාද? (අ)

:       0       0

චතුල වෙරෝනා Friday, 14 June 2013 04:32 PM

ද්විපාර්ශික සාකච්චා වලින් චීනේ වැඩි ඉල්ලුමක් ඇති අපේ රටේ ආඳො වගේ මාළු වර්ග චීනෙට යවන වැඩක් පටන් ගත්තොත් මොකද? ධීවර කර්මාන්තෙත් නැගලා යයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site