IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


ජ’පුර උපකුලපතිට අග්නිදිග ආසියා විශ්ව විද්‍යාල කලාපීය නියෝජිත ධූරයක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පොදු රාජ්‍ය මණ්ඩලයීය විශ්ව විද්‍යාල සංගමයේ අග්නිදිග ආසියානු විශ්ව විද්‍යාල කණ්ඩායමේ කලාපීය නියෝජිත ලෙස ඉකුත් දා තේරී පත්විය. 

අග්නිදිග ආසියානු විශ්ව විද්‍යාල කණ්ඩායම බංග්ලාදේශ, ඉන්දියාව, මැලේසියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවලින් සමන්විත වේ. 

උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුවේ සභාපති ලෙස යෝජනා වූ අතර ඔහු ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සහ කලාපයේ අනෙකුත් විශ්ව විද්‍යාලවල නියෝජිතයකු ලෙස කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකාවේ සියලු විශ්ව විද්‍යාල සහ කලාපයේ සියලු විශ්ව විද්‍යාල පොදුරාජ්‍ය මණ්ඩලයීය විශ්ව විද්‍යාල සංගමයේ සාමාජික විශ්ව විද්‍යාල වේ. 

පොදුරාජ්‍ය මණ්ඩලයීය විශ්ව විද්‍යාල සංගමය ලොව පැරැණිතම විශ්ව විද්‍යාල ජාලයක් ලෙස සැළකෙන අතර එය ආරම්භ කෙරුණේ 1913 වසරේදීය. රටවල් 53ක විශ්ව විද්‍යාල 500කට වැඩි සංඛ්‍යාවක් මෙම සංගමයේ සාමාජිකයෝ වෙති. මෙම සංගමය පොදු රාජ්‍ය මණ්ඩලයීය විශ්ව විද්‍යාල සම්බන්ධ කරමින් දැනුම පදනම් කරගත් ලෝකයක් සඳහා සහයෝගය දක්වයි. 

 

055



අදහස් (0)

ජ’පුර උපකුලපතිට අග්නිදිග ආසියා විශ්ව විද්‍යාල කලාපීය නියෝජිත ධූරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 297 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 415 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site