IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනත සංශෝධනයට

(අංජුල මහික වීරරත්න)

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත සංශෝධන කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත සම්මත කර මේ වන විට වසර 25 ක පමණ කාලයක් ගත වී තිබේ. මෙම කාලසීමාව තුළ සිදුව ඇති සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික පරිවර්තනයන් හේතුවෙන් ළමයින්ට එරෙහිව සිදු වන අපයෝජන හා හිංසනයන් සංකීර්ණ ස්වභාවයකට පත්ව ඇත. එබැවින්, ළමයින්ට එරෙහි සියලු ආකාරයේ අපයෝජන වැළැක්වීමට සහ ඊට ප්‍රතිචාර දැක්වීමට දැනට පවතින නීතිරීති කාලීන අවශ්‍යතාවන්ට ගැපපෙන අයුරින් 

සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනතේ කර්තව්‍යයන් වඩාත් පුළුල්ව, අර්ථවත්ව සහ කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා හඳුනාගනු ලැබ ඇති සංශෝධන ඇතුළත් කරමින් එකී පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (2)

ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනත සංශෝධනයට

Neel Tuesday, 05 August 2025 04:24 PM

දැන්වත් බලමු ළමයින්ට ආරක්ෂාවක් ලැබෙයිද කියලා...

:       0       6

Sirisena Wednesday, 06 August 2025 06:48 AM

නොතේරුම් කමට අහන්නෙ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනට අනුව ළමා කටයුතු පළාත්සභා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවෙන්ම පැවරිලා තියෙන්නෙ පලාත් සභාවලට තමයි එහෙම තියෙද්දි මේ අධිකාරියත් ජාතික මට්ටමේ පරිවාස දෙපාර්තමේන්තුවත් පළාත් පරිවාස දෙපාර්තමේන්තුවත් අතර කිසිම සම්බන්ධීකරණයක් නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site