IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


ජාතික රෝහලේ රෝගීන්ට දෙන කෑම ප්‍රමිතියෙන් තොරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ආහාර පිසීම සඳහා ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළේය.

එසේම ඇතැම් අවස්ථාවලදී රෝගීන්ගේ ආහාර වේල සඳහා ලබාදෙන එළවළුද කුණු වීමට ආසන්න ඒවා බව වෛද්‍ය බෙල්ලන මහතා සඳහන් කළේය.

රෝගීන්ට සහ සේවකයන්ට ලබා දෙන තේ වේල් සඳහා භාවිත කරන පිටි සහ සීනි ද කල් ඉකුත් වීමට ආසන්න ඒවා බව වෛද්‍ය බෙල්ලන මහතා පැවසුවේය.

ඇතැම් අවස්ථාවලදී ආහාරයට නුසුදුසු මාළු සේවකයන්ගේ ආහාර වේල් සඳහා ආහාර සැපයීම බාර අදාල කොන්ත්‍රාත් සමාගම ලබාදෙන බව වෛද්‍ය බෙල්ලන මහතා ප්‍රකාශ කළේය.

මේ පිළිබඳ සේවකයන් ගණනාවක් පැමිණිලි කර තිබෙන නමුත් තීරණය ගත යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිසාවෙන් රෝහල් බලධාරීන්ට කිසිවක් කළ නොහැකි බව වෛද්‍ය බෙල්ලන මහතා පැවසුවේය.

මේ පිළිබඳ කීප වතාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලිපි මගින් දැනුවත් කර තිබෙන නමුත් තවමත් ඒ පිළිබඳ ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති යැයි වෛද්‍ය බෙල්ලන මහතා ප්‍රකාශ කළේය.

රෝහලට ආහාර සපයන අදාල කොන්ත්‍රාත් සමාගම බන්ධනාගාර, හමුදා කඳවුරු සහ රාජ්‍ය ආයතනවලටද ආහාර සපයන බව වෛද්‍ය බෙල්ලන මහතා පැවසුවේය.

අදාල කොන්ත්‍රාත් සමාගමට වියළි ආහාර සලාක සඳහා මසකට මිලියන 76ක මුදලක්ද මාළු සඳහා මසකට මිලියන 15ක මුදලක්ද ලබාදෙන බව නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළේය.



අදහස් (4)

ජාතික රෝහලේ රෝගීන්ට දෙන කෑම ප්‍රමිතියෙන් තොරයි

පිටරටවැසියා Tuesday, 16 April 2024 03:07 PM

ඒ වුණාට ඒ ජනතාවම ගෙවන බදු මුදලින් දියවන්නාවට, මැති-ඇමති බංගලා වලට, රජ ගෙදරට දෙන කෑම නම් ප්‍රමිතියෙන් ඇති විශිෂ්ටයි. දැක්ක නේද අරගල වෙලාවෙ රජ ගෙදර තිබිච්ච කෑම ටික, කකුළුවන්ගේ සයිස් එක එහෙම....

:       6       7

Ruwan Tuesday, 16 April 2024 03:36 PM

එතකොට බෙල්ලන මහත්තයට පඩි ගෙවන්නෙ මීඩියා වල පෙනී ඉදල ඔය ටික කියනවටද එහෙම නැත්තන් ඒ අදාල තනතුරේ වගකීම් ඉටු කරනවටද?

:       10       8

Lalla Wednesday, 17 April 2024 07:41 AM

මේ හඬ නගන කෙනා සැපයුම්කරුගේ අතකොලුවක් වගේ.යම් තොරතුරක් නිවැරදිව දෙනවනම් ඒ සම්බන්ධව කටයුතු කරන අය වග බලාගත යුතුයි නේද?

:       0       0

Nalaka Hettiarachchi Tuesday, 16 April 2024 09:39 PM

තමන්ගේ තනතුරේ වගකීම හරියට ඉටු කරන්නෙ නැතිව අමාත්‍යාංශයෙ අඩුපාඩු කියවනවා කියන්නෙම රාජකාරිය පැහැර හැරීම ක්. තමන් සේවය කරන රෝහලට සපයන අමු ආහාර ප්‍රමිතියට නැතිනම් ඒ පිළිබඳ වැටලීම් කරන්න අදාල ආයතන එක්ක සම්බන්ධීකරණ කල හැකියි. එහෙම නැතිව මාධ්‍ය ඉස්සරහ තමන් හොදයි කියාගන්න යාමෙන් මෙයා කරන්නේ රෝහලේ රෝගීන්ට නොමිලයේ දෙන ආහාර ගන්න රෝගීන් අතර බයක් ඇතිකරන එක. ඒකෙන් ආහාර නාස්ති වෙනවා. වියදම් එහෙම්මමයි. කරුණාකර මෙයාට තමන්ගේ තනතුරේ වගකීම හරියට කරන්න කියන්න මාධ්‍ය වීරයෙක් වෙන්න කලින්

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්ෂයේ තවත් හතකට බාර් තෑගි
2024 අප්‍රේල් මස 30 333 0

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත් හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර( බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.


බදු නොගෙවූ අරක්කු සමගමේ ලොක්කෙක්ට කෝටි 135ක ඇපයක්
2024 අප්‍රේල් මස 29 285 0

කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ ඝනකාධිකාරීවරයා රුපියල් කෝටි 135 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළං


කහව සිට තෙල්වත්ත දක්වා මාර්ගයේ පරිස්සම් වෙන්න
2024 අප්‍රේල් මස 29 246 0

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව මංසන්ධියේ සිට තෙල්වත්ත දක්වා කොටසේ මුහුදු රළ ගොඩගැලීමෙන් මාර්ගයේ වැලි තිබීම හේතුවෙන් අනතුරු සිදුවිය හැකි බැවින් යතුර


තනිව සිටි නීතිවේදනිය මරා දමලා
2024 අප්‍රේල් මස 29 467 0

නිවසක තනිව විසූ අවිවාහක වයෝවෘද්ධ නීතිඥවරියක නිවසේ ඇඳ මත අභිරහස් ලෙස ඝාතනය කර දේපළ කොල්ලකා ඇතැයි කොහුවල පොලිසිය කියයි.


ආර්ථිකය ගොඩගන්න කෘෂිකර්මයේ උදව් ගන්නවා
2024 අප්‍රේල් මස 29 113 0

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


කළුතර මුහුද ගොඩගලයි
2024 අප්‍රේල් මස 29 784 1

කළුතර උතුර ප්‍රදේශයෙන් අද (29) පස්වරුවේ මුහුද ගොඩ ගැලීම නිසා කළුතර උතුර සමාන්තර පාර තාවකාලිකව වසා දමන ලදී.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 390 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1787 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1618 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site