IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජවිපෙ තීන්දුව පස්සට

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ගැටළු සහගත කරුණු නැවත සංශෝධනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමටත් ජනාධිපති සහ අගමැති අද (02) පැවැති විධායක සභාවේ දී එකඟ වූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

එම පොරොන්දු ඉටු වන තෙක් බලා සිටින බවත්, ඒවා ඉටු කිරීමට අපොහොසත් වුවහොත් ඉදිරි පියවර ගැන සලකා බලන බවත් ඔහු කීවේය.



අදහස් (0)

ජවිපෙ තීන්දුව පස්සට

මහේෂ් Friday, 03 April 2015 05:33 AM

ප්‍රශ්න ගැන විධායක සභාවේ කතා නොකරන කට්ටිය එළියේ බොරුවට සද්දෙ දානවට අපි නම් විරුද්ධයි (නි)

:       0       0

සුමුදු හේවා Friday, 03 April 2015 05:48 PM

19 යනු කොහොමටත් රටට එරෙහි කුමන්ත්‍රණයක් ලෙස මම දකිමි. ජාත්‍යාලයට වෙළෙඳපොළක් ඇතැයි පෙනෙන අවස්ථාවන්හිදී ජාතිකත්වයක් පෙන්නුම් කළත් සමහරුන්ට කොහොමත් ජාතිකත්වයක් නැත. එතුළ හුන්, එයට ජාතිකත්වයක් දීමට තැත්කළ පුද්ගලයන්ට ඉන් ඉවත්වන්නට වුයේ එබැවිනි. (නි)

:       0       0

සුමුදු හේවා Friday, 03 April 2015 05:53 PM

හරියට හරි ඇසළ. කොච්චර නම් තරුණ ජීවිත නොමඟ යවලා නැතිනාස්ති කළාද? (නි)

:       0       0

සුමීත් Friday, 03 April 2015 06:21 AM

සේනාදීර, මහේෂ් වගේ අය කොහේදෝ මඩ වගුරක ගිලිලා ඉන්නවා වගේ මට හිතන්නේ. (නි)

:       0       0

ඈන් Thursday, 02 April 2015 04:39 PM

ඕනෑම පුද්ගලයෙක්, ආයතනයක්, පක්ෂයක් සහ රටක් වෙනස් වන සමාජයත් සමඟ එයට හැඩ ගැසිය යුතුයි. නැතහොත් පැවැත්මක් නැත. පරණ (හිටිය) ජනතා විමුක්ති පෙරමුණ 1972 සහ 1989 වැනි කාලයේදී ජනතාව ප්‍රතික්ෂේප කලා. ජනතාවගේ සහභාගීත්වයක් නැතිව විප්ලවයක් ඇතිවන්නේ නැත. එයට ලෝකයේ සාර්ථක වූ සියලු විප්ලව සාක්ෂි දරයි. වි්‍ශ්ව විද්‍යාලවල ඉගෙන ගන්නා ශිෂ්‍යයින් පමණක් විප්ලවයක් ඇති කිරීමට මදිය. (ස)

:       0       0

අමීර Thursday, 02 April 2015 06:14 PM

පහුවෙලා හරි කමක් නැහැ, දෙන්නකෝ (නි)

:       0       0

අබේ-ටෝකියෝ Thursday, 02 April 2015 06:15 PM

අපි නම් දවල් හීන බලන්නේ නැහැ (නි)

:       0       0

රුවනි Friday, 03 April 2015 07:00 AM

මේ රටට වඩාත්ම විපත් කළ දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණයි.(දිල්)

:       0       0

දයාල් Thursday, 02 April 2015 07:25 PM

කැපුවත් පාට රතු! අනේ ඇත්තට? (නි)

:       0       0

ධම්ම Thursday, 02 April 2015 08:39 PM

ජවිපෙ කවදාත් සිටියේ සත්‍ය එළිදරවු කරමින් ජනතාවගේ පැත්තේය. (නි)

:       0       0

ඇසළ Friday, 03 April 2015 08:52 AM

ජ වී පෙ කවද්ද ඉස්සරහට. රටත් පස්සට ජ වී පෙ තියන කල්. (ස)

:       0       0

අපොන්සු Friday, 03 April 2015 09:03 AM

එමෙන්ම එදා ඉන්දු - ලංකා ගිවිසුම මගින් සම්මත කළ 13 වැනි සංශෝධනයට එරෙහිව විජේවීරගේ නායකත්වයෙන් දහස් සංඛ්‍යාත තරුණයින් මරු වැලඳ ගනිද්දී එයටත් එහා යන එනම් 13 වැනි සංශෝධනයට වඩා බලවත් පාලන ක‍්‍රමයක් උතුරු නැගෙනහිරට ලබාදීමට කටයුතු කළ යුතුව ඇතැයි ඉන්දිය අගමැති මෝදි ශ‍්‍රී ලංකාවේදී ඉකුත්දා පැවසීය. ලංකාවේ ආණ්ඩුවෙන් එයට එරෙහිව කිසිදු ප‍්‍රතිචාරයක් නොලැබීමෙන් පෙනී යන්නේ එය ඉදිරියේදී ඉඹලා වැලඳගන්නා සැටියෙකි. මේ ෆෙඩරල් ක‍්‍රමය පිළිබ`දව ජවිපෙ අද වන තුරු මුනිවත රැකීමෙන් පසක් කළ හැක්කේ 13 ටත් එහාට උතුරට බලය බෙදන යෝජනාවකට ජවිපෙ අමනාපයක් නැති බවය. (ස)

:       0       0

කිර්ති Friday, 03 April 2015 12:45 AM

ජවිපෙ ගැන විතරයි බලාපොරොත්තුවක් තියන්න පුලුවන් (නි)

:       0       0

සමීර Thursday, 02 April 2015 01:17 PM

කඩවුණු පොරොන්දු සහ අවසානයක් නැති බලාපොරොත්තු. ඔහොම යමු. (ර)

:       0       0

නලීන් Thursday, 02 April 2015 01:54 PM

ජවිපෙ තමයි අපේ බලාපොරොත්තුව (නි)

:       0       0

ශ්‍රීලාල් Thursday, 02 April 2015 02:16 PM

සමහර වෙලාවට අපිට හිතෙනවා මේ හිටිය ජවිපෙමද කියලත් ..... (නි)

:       0       0

සුනෙත් Friday, 03 April 2015 05:09 AM

මෙතන සමහරු කියන්නේ එදා ජේවීපි එක ගැන වෙන්න ඇති.. (නි)

:       0       0

සේනාදීර Friday, 03 April 2015 05:11 AM

විවේචනය හැරුණුකොට ජේ වී පි එකෙන් කරපු වැඩක් නම් අපි දැකලා නැහැ (නි)

:       0       0

රුවන් Thursday, 02 April 2015 02:53 PM

ජවිපෙ මේ වෙලාවේ ඉතා විමසිල්ලෙන් හා අවදියෙන් සිටිය යුතුය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site