IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජවිපෙ ජාතික ලැයිස්තුවට හඳුන්නෙත්ති හා මායාදුන්නේ

ජනතා විමුක්ති පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක සඳහා සුනිල් හඳුන්නෙත්ති හා සරච්චන්ද්‍ර මායාදුන්නේ යන මහත්වරුන් පත් කර ඇතැයි එම පක්ෂ ආරංචි කියයි.

ජනතා විමුක්ති පෙරමුණට මැතිවරණයේදී ආසන 4ක් හිමිවූ අතර ඒ සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ අනුර කුමාර දිසානායක, ගම්පහින් විජිත හේරත්, කළුතරින් නලින්ද ජයතිස්ස හා හම්බන්තොටින් නිහාල් ගලප්පත්ති යන මහත්වරු තේරී පත්වූහ. 

හඳුන්නෙත්ති මහතා මෙවර මාතර දිස්ත්‍රික්කයෙන් තරග කළද එම දිස්ත්‍රික්කයෙන් ජවිපෙට ආසනයක් හිමි නොවීය. මායාදුන්නේ මහතා හිටපු විගණකාධිපතිවරයෙකි.

 



අදහස් (0)

ජවිපෙ ජාතික ලැයිස්තුවට හඳුන්නෙත්ති හා මායාදුන්නේ

මහින්ද Friday, 21 August 2015 05:02 PM

අපරාදේ ඡන්දය තිබ්බේ. (නි)

:       0       0

අස්මිත් Thursday, 20 August 2015 06:17 AM

සහතික වශයෙන් ඔබ දෙපලට ආසන හිමිවිය යුතුමයි. ජාතික ලැයිස්තුවෙන් හෝ ඉදිරිපත් වී රටට සුබ දායක සේවයක් ඉටුකිරීමට හැකිවේවා! (නදී)

:       0       0

ගාමිණි Thursday, 20 August 2015 06:30 AM

ඉතාම හොඳ තීරණයක්. සුදුස්සාට සුදුසු තැන දීමට ආදර්ශයෙන් ක්‍රියා කිරීම අගය කළ යුතුයි (අ)

:       0       0

නාරද Thursday, 20 August 2015 06:41 AM

මයාදුන්නේ ඔබ විදිය යුතු තැනට විදීමට සූදානම් වන්න, අපට සතුටුයි (ම)

:       0       0

කුමාර Thursday, 20 August 2015 06:53 AM

නිවැරදි තීරණයක් (ම)

:       0       0

සිරි Thursday, 20 August 2015 06:59 AM

පුදන කොටම ගිලපි හෘද සාක්ෂියේ උතුර උතුරා වාන් දැමු යශෝරාවය. මව්බිම වෙනුවෙන් භද්ර යෞවනයේදී සිය අදීන ආත්මය සහ ඇස්,මස්,ලේ නහර ද, අත පයද පුජා කළ ජීවී ගුණයෙන් පිරි අහිංසක සොහොයුරන් සිහි වන විට දැනෙන්නේ දරාගත නොහැකි කම්පනයකි. දැඩි වේදනාවකි. පසු ගිය 17 දා මේ රටේ ඡන්ද දායකයා විසින් ඇන ගසා වසා දැමු මෘත කලේබරය සුසාන භුමිය වෙත රැගෙන යාමේ අවසන් හෝරාව එලබී අත. (අ)

:       0       0

මහේෂ් ප්‍රනාන්දු Thursday, 20 August 2015 07:01 AM

රතු රජයක් නොමැති වුවත් දූෂණයට හඬ නැගීමට මේ 6 ප්‍රමාණවත් (අ)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 20 August 2015 07:48 AM

සුදුස්සාට සුදුසු තැන ජවිපෙ දිලා තියෙනවා (ම)

:       0       0

යමුනා Thursday, 20 August 2015 08:10 AM

සුබ පැතුම් ! මායාදුන්න මහත්තයෝ, ඔබට ලොකු සේවයක් රටට කරන්න පුළුවන්. ඉතා සතුටුයි (ම)

:       0       0

කස්තුරිආරච්චි Friday, 21 August 2015 02:46 AM

ජවිපෙත් එක්ක දේශපාලනය පහසු නැහැ. ගොඩක් දේවල් දරාගන්න වෙනවා. කැපකිරීම් කරන්න වෙනවා. එකම අරමුණක එක දිගටම නොසැළී ඉන්න වෙනවා. එකම අරමුණකට යන ගමනේ හැමදෙනා ගැනම සමානව හිතන්න වෙනවා. මේ හැමදේම දරාගෙන මේ ජරාවට පත්වුණු සමාජය වෙනුවෙන් ඔබේ වගකීම නිවැරදිව කරන්නට ශක්තිය දිරිය පතනවා (නි)

:       0       0

බණ්ඩාර Thursday, 20 August 2015 08:35 AM

පැරදුන අය පාර්ලිමේන්තුවට යනවනම් ජන්දයක් ඕනේ නැහැනේ ? (ම‍)

:       0       0

අරවින්ද Friday, 21 August 2015 03:39 AM

මෙම තීරණයට ආචාරය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site