IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජවිපෙට ෆේස්බුක් මඩක්

ජනතා විමුක්ති පෙරමුණට සහ පක්ෂ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාට එරෙහිව වෙබ් අඩවිවල සහ ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ අපහාසාත්මක ප්‍රවෘත්ති පළ කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නීතීඥ සුනිල් වටගල මහතා අද (5) මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කළේය.

කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් ජනතා විමුක්ති පෙරමුණට අපහාස කිරීම සඳහා ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යන බව ද ජනතා විමුක්ති පෙරමුණ කියයි.

DSC_5082 DSC_5108 DSC_5113



අදහස් (0)

ජවිපෙට ෆේස්බුක් මඩක්

හේමන්ත Wednesday, 05 August 2015 03:27 PM

පව් අහිංසකයෝ ටික . රටට විශාල මෙහෙවරක් කරපු මනුස්සයට මොනතරම් කැත විදිහට ද්වේශ සහගතව ගරහනවද මේ අය (බ)

:       0       0

දුමින්ද Wednesday, 05 August 2015 03:36 PM

තමා උපමා කර අනුන්ට හිංසා නොකරන ලෙස බුදුන් වහන්සේ වදාළ සේක (බ)

:       0       0

රේණුකී Wednesday, 05 August 2015 05:42 PM

මෙයාලට හරි පවු අනේ! හරිම හොද කට්ටියනේ.මෙයාලා අනිත් කට්ටියට මධ ගහන්නේම නැහැනේ (නි)

:       0       0

ප්‍රකාෂ් Wednesday, 05 August 2015 06:18 PM

ඕවා ඉතින් ඔහොම තමයි (නි)

:       0       0

විජයබාහු Wednesday, 05 August 2015 11:38 AM

ඔය පළවෙනිම ෆේස්බුක් මඩ වෙන්න ඇති.(ම)

:       0       0

සහන් Wednesday, 05 August 2015 11:57 AM

ඔයාලා අනුන්ට මඩගහන එක ගැන මොකද කියන්නේ? (නි)

:       0       0

දහම් Wednesday, 05 August 2015 12:06 PM

අපිට දෙකොනින්ම හිනායනවා මේවට. මහින්දට තරම් එදත් අදත් ෆේස්බූක් මඩ ගැහුවේ නැහැ කාටවත්. ඒවා මේ ගොල්ලෝ දැක්කෙවත් ඒවාට විරුද්ධ වුණේවත් නැහැ. තමන්ට වදිනකොට විතරයි අමාරු. ඔයගොල්ලොත් අනිත් අය වගේම දේශපාලකයෝ තමයි. (නි)

:       0       0

දමිත් Wednesday, 05 August 2015 11:31 PM

ඕවා සුළු දේවල්නේ අනේ! (නි)

:       0       0

ශෂික Wednesday, 05 August 2015 12:25 PM

සල්ලි වලට ඕනෑම දෙයක් කිරීමට සූදානම් නැති මිනිස්සුද ඇත. පිටරටකදි, කවුරු හරි තමන් විඳින දුක කාටහරි කියද්දි අනිත් අය කියන්නෙ..... "කුට්ටිය හම්බවෙද්දි ඔහොම කියන්නෙ නැහැනෙ" කියලා. හැබැයි ඉහත මම කිවූ පරිදි සල්ලි වලට තම ආත්මය පාවාදීමට සූදානම් නැති මිනිසුන්ද සිටී.. (නි)

:       0       0

සිංහ Wednesday, 05 August 2015 12:28 PM

අනේ පව්! (නි)

:       0       0

චානුක Wednesday, 05 August 2015 12:40 PM

මෙයාලගේ කට්ටිය මහින්දට ගහන මඩ හොඳයි? අනේ අනේ!! (නි)

:       0       0

දුමින්ද Wednesday, 05 August 2015 01:02 PM

තමන්ටත් මඩ වදිද්දී තමයි අනුන්ට ගහපු මඩ වල වේදනාව හිතට දැනෙන්නේ (නි)

:       0       0

යටවත්ත Wednesday, 05 August 2015 01:18 PM

මඩගහන ඒවා සාමාන්‍යයිනේ. ඕවා අල්ලලා දාන්න (නි)

:       0       0

ඇසළ Wednesday, 05 August 2015 01:21 PM

ෆේස්බුක් එකේ මාධ්‍යවේදිය කියල ලියන සිරිකොතේ ඉන්න මනුස්සය ගහන්නේ මඩ නෙමෙයි අසුචි. බොහොමයක් දැන් ඒවා බලන්නෙත් නැහැ. ජවීපෙට මඩ ටිකක් වැදුනම මොකද හැම තැනම ගිහින් කියන කතා වලට අනිත් පක්ෂ බාල්දු කරලා. (බ)

:       0       0

දහම් Wednesday, 05 August 2015 01:37 PM

තමන්ට වරදිනකොට තමයි හොඳ නරක මතක් වෙන්නේ. (බ)

:       0       0

ප්‍රකාශ් Friday, 07 August 2015 12:28 PM

මෙයාල තමයි අනෙක් අයට බොරු ප්‍රචාර සහ මඩ ගැසීම් කරන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 236 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site