දිනෙන් දින ඉහළ යන ජීවන වියදමට මුහුණ දීම සඳහා වහාම වැටුප් වර්ධකයක් ලබා දෙන ලෙස රජයට බල කරමින් විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයෝ කොළඹ වෝර්ඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් කාර්යාලයය ඉදිරිපට දී අද උද්ඝෝෂණයක් පැවැත්වූහ. වැටුප් ගිවිසුම වහා ක්‍රියාත්මක කිරීම, සියයට විසි පහක දීමනාවක් වහා ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් ඔවුහු ඉල්ලති. විශ්ව විද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව මගින් මෙය සංවිධානය කළ අතර උද්ඝෝෂණකරුවන්ගෙන් වෝර්ඩ් පෙදෙස සම්පූර්ණයෙන්ම අවහිරවීම නිසා දැඩි රථවාහන තබදබදයක් ඇතිවුණි.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජීවන බරට එරෙහිව වීදි බසී
අමිල කටුනායක Friday, 08 June 2012 03:22 PM
පිස්සුනම් කියන්න එපා ළමයිනේ ,2500ක් හොඳටම ඇති ජීවත් වෙන්න..
නංගි Saturday, 09 June 2012 07:32 PM
ඔයාට මේව ලස්සනයිද?
දීපාල් Saturday, 09 June 2012 08:14 AM
සමන්ට මම යෝජනා කරනවා දේශපාලනය කරන්න කියලා. මොකද දේශපාලක්ඥයෙක් හැරෙන්න ජීවන බර දැනෙන සාමාන්‍ය අපි වගේ කෙනෙකුට නම් කටක් ඇරලා ඔහොම කියන්න බැ.
සමන් Friday, 08 June 2012 04:05 PM
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් අපේ රටේ ඉන්නේ හෙඳට කාල බීල විනෝදයෙන් ඉන්න ජනතාවක්. අපේ ආර්ථික සංවර්දනය සියයට 8යි. කොහේ රට ඉන්න මිනිස්සුනට ප්‍රශ්න.
ඉන්දික Friday, 08 June 2012 04:47 PM
දැන්නම් බඩු මිල බහීවි !!
sisira Friday, 08 June 2012 04:09 PM
අපිත් ජිවත් වෙන්නේ අමාරුවෙන්. ඒත් අනේ ඔය වැඩෙන් අපි රස්තියාදු වුනාණේ.
ෆාරු Friday, 08 June 2012 04:56 PM
අනේ මට මේකටත් හිනා...හී..........හී.....
සරත් Friday, 08 June 2012 05:01 PM
බලාගෙන ඉස්කෝලේ නොගිය කට්ටියත් නිල ඇදුමින් ඉන්නවා..හරිද...
අචිනි Saturday, 09 June 2012 11:55 AM
අපේ රටේ මහජන ප්‍රශ්න නොදැනෙන්නේ ඇමතිලාට සහ මන්ත්‍රීලාට විතරයි.රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි අනව්‍ශ්‍ය දේට කෝටි ගණන් වියදම් කරනවා.
අලිබබා Friday, 08 June 2012 07:01 PM
මෙ ජීවනබර ගැන මතක්වුනහම මට තවලොකු බරක් ඇතිවුනා ළමයිනේ.