IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජීවිත 27 ක් බේරේ

කොළඹ සිට යාපනය බලා ගමන් කරමින් තිබු අධි සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක් මාදම්පේ - ගලහිටියාව ප්‍රදේශයේදී හදිසියේම ඇතිවු ගින්නකින් සම්පුර්ණයෙන්ම විනාශ වී ගියේය.

26 වැනි දින රාත්‍රී 11.30 ට පමණ ගින්න හට ගත් අතර අලුයම 1 පමණ වන තුරු ගින්න පැවතිණි.

ගින්න හට ගන්නා අවස්ථාවේදී බස් රථයේ මගීන් 27 දෙනෙකු සිට ඇත.නමුත් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුවී නැත.

රාත්‍රී 9.15 පමණ කොළඹින් ගමන් ආරම්භ කර ඇති මෙම බස් රථය අලුයම 5.00 ට යාපනයට ළගා වීමට නියමිතව තිබී ඇත.

ගමන් කරමින් තිබුණු බස් රථයේ ඉදිරිපස ටයරයක් එක්වරම පුපුරා ගිය බවත්,ඒ සමගම ගින්න හට ගත් බවත් ගිනි ගෙන විනාශ වු බස් රථයේ රියදුරු පොලීසියට පවසා ඇත.ඒ සමගම බස් රථයේ සිටි සියළුම මගීන්ව සහ එහි තිබු බඩු බාහිරාදිය ඉවත්  කරන්නට බස් රථයේ සේවකයින් කටයුතු කර ඇත.නමුත් හදිසි ගින්නක් ඇති වුවහොත් එය නිවා දමන්නට ගිනි නිවන උපකරණ බස් රථයේ තිබී නැත.

ගින්න අවසන් වනතුරුම එය නිවා දමන්නට කිසිදු ගිනි නිවන රථයක් හෝ ඒකකයක් පැමිණියේ නැත.

හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයේ මෙම සිද්ධිය සිදුවීම නිසා එම මාර්ගයේ ගමන් කළ සෙසු වාහන විකල්ප මාර්ග ඔස්සේ හරවා යවන්නට මාදම්පේ පොලීසියේ රථවාහන අංශයේ නිළදාරීන් කටයුතු  කළේය.  



අදහස් (0)

ජීවිත 27 ක් බේරේ

රුවන් Sunday, 27 October 2013 12:17 PM

චීන බස්.(දිල්)

:       0       0

අමිල කටුනායක Sunday, 27 October 2013 12:42 PM

ගිනි නොගෙන තියේවී යැයි යන්නේ රොකට් වගේනේ.(දිල්)

:       0       0

සනා Sunday, 27 October 2013 12:53 PM

නව තාක්ෂණය ලොව වෙලා ගනිද්දී යදිමින් සේරකර බලන් හිටිය අපි(දිල්)

:       0       0

සන්ජු Sunday, 27 October 2013 01:08 PM

මේවා ඉන්දියානු බස් රථ තාක්ෂණයේ දුරුවල තැන තම මේ..මමත් ගිහින් තියනව හදිසියට පිට වෙන්න තියන දොර අරිනවා තිය හිතාගන්නව බැහැ. විදේශ රට වල සැම වහනයකම ගිනි නිවීමේ උපකරණය අනිවාර්යයි අදායම් බලපත්තරය අලුත් කරන්න බැහැ ගිනි නිවීමේ උපකරණය සහ ආරක්ෂක පියවරයන් නැත්නම්.(දිල්)

:       0       0

කොටා Sunday, 27 October 2013 02:23 PM

මේ ඉන්දියන් අශෝක් ලේලන්ඩ් එකක්නේ. ඔය පැහැදිලිවම පෙන්න තියෙන්නේ (දිල්)

:       0       0

නුවන් Monday, 28 October 2013 12:42 PM

ඇත්තටම කොහොමද ජීවිත බේරුනේ? ටයර් එකක් ගියා කියලා බස් එකක් ගිනි ගනීද? කෝ අපේ රටේ ගිනි නිවන ඒකකය? (නි)

:       0       0

ශාන්ති Monday, 28 October 2013 01:15 AM

ආපොයි මෙය සිදුවී තියන්නේ අපේ ගමේමනේ අපරාදේ බසෙක. ජීව්ත හානියක් නැති වීම ගම් බාර තනිවැල්ලේ දෙවේයන්ට පින් සිද්දෙ වෙන්ඩ ඕන (අ)

:       0       0

ලක්ෂ්මන් Sunday, 27 October 2013 04:28 PM

ගිනි නිවන උපකරණ නොතිබූ එකට අයිතිකරුට වෙනම නඩුවක් දාන්න ඕනෑ.ජිල්මාට් එකක්ද මන්දා..?කොහොම වුණත් ජීවිත බේරුනාට අපේ සතුට.කිසිම ගිනිනිවන ඒකකයක සහය නොලැබුනාද?නොපැතුවාද?...ප්‍රශ්ණ වැලක් වගේ.. (නි)

:       0       0

රොක් Sunday, 27 October 2013 04:43 PM

මගීන්ට කිසිදු අනතුරක් සිදුවී නැත්තේ කොහොමද? (නි)

:       0       0

පබා Monday, 28 October 2013 07:22 PM

අපේ මිනිස්සු අලියා ගත්තට හෙන්ඩුව ගන්න ලෝබයි (දිල්)

:       0       0

ජයේ Sunday, 27 October 2013 07:23 PM

ඉන්ෂුවරන්ස් කොම්පැණියට ඇඩෙනවා ඇති මේක දකිද්දී. (නි)

:       0       0

චන්දි Sunday, 27 October 2013 07:49 PM

හරිම අපරාධයක් නේ ....? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site