(සුජිත් හේවාජුලිගේ )
කොළඹ අප ජලය කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා වූ ආයෝජන වැඩසටහන යටතේ රුපියල් කෝටි විසිතුනක වියදමින් මිලදී ගත් ජල ටැංකි සඳහා සුදුසු වේදිකා සහිත කැබ් රථ තිහ ඉකුත් 2022 වර්ෂය වනවිටත් අපේක්ෂිත කාර්ය සඳහා භාවිත කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මේ අනුව එම කැබ් රථවලට ජල ටැංකි සවිකිරීම සඳහා සුදුසු වානේ වේදිකාවක් සැකසීමට සහ සවිකිරීමට වැය කළ රුපියල් දෙකෝටි හතළිස් ලක්ෂයක මුදලද පාඩුවක් බවට පත්ව තිබූ බව එම වාර්තාවේ සඳහන් වේ.
ජල මූලාශ්‍ර අඩුවීම, ජලයේ ලවණතාව පිළිබඳව උපදෙස් සහ ජල මූලාශ්‍රවලින් ජලය බෙදා හැරීමේ පද්ධතියේ ඇති අඩු පීඩනය හේතුවෙන් අසරණ සහ අවදානමට ලක් වූ පාරිභෝගිකයන් සඳහා ජලය සැපයීමට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ අතර ගම්පහ අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ජල සම්පාදන ව්‍යාපෘතියේ මන්දගාමී ප්‍රගතිය හේතුවෙන් මූලික ගෙවීම සහ අත්තිකාරම් ගෙවීම පිළිවෙලින් ඇමරිකානු ඩොලර් 10313661ක් සහ ඇමරිකානු ඩොලර් 3802889ක් ව්‍යාපෘති ආරම්භයේ සිට මාස 53ක් ගතවීමෙන් පසු අය කර ගැනීමට නොහැකි වී තිබූ බව වාර්තාවේ දැක්වේ.
එබැවින් මණ්ඩලය තම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ව්‍යාපෘති අරමුදල් ඵලදායී ලෙස භාවිතා කර නොතිබුණු බව විගණන වාර්තාව කියයි.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලයේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජල මණ්ඩලයේ කැබ් රථ තිහක් පැත්තකට දාලා