IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජල මණ්ඩලයේ අන්තර් ජාලය බිඳ වැටිලා

(කේ. බුද්ධික කුමාරසිරි)

ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලයේ අන්තර් ජාල ගෙවීම් ක්‍රමවේදය අද දින උදෑසන සිට බිඳ වැටී ඇතැයි අභ්‍යාන්තර ආරංචි මාර්ග කියයි.

මෙම හේතුවෙන් අන්තර් ජාල මුදල් ගෙවීම් ක්‍රමවේදය ඇණ හිටීම නිසාවෙන් අන්තර්ජාල හරහා ජංගම දුරකතන, තැපැල් කාර්යාල, සුපිරි වෙළදසැල් මගින් ජල බිල්පත් ගෙවීම දිවයින පුරා සම්පූර්ණයෙන් ම බිඳ වැටී ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

අන්තර් ජාල ගෙවීම් මධ්‍යස්ථාන වෙත ගිය ජල පාරිභෝගිකයන් විශාල පිරිසකට බිල්පත් සදහා මුදල් ගෙවීමට නොහැකිව දැඩි අපහසුතාවයට පත් වීමට සිදුව ඇත.

ජල සම්පාදන මණ්ඩලයේ ස්ථාවර බිල්පත් කවුළු මගින් පමණක්  බිල්පත් ගෙවීමේ හැකියාව තිබුණු බවද එම වෘත්තීය සමිති පැවසීය.

මේ සම්බන්ධයෙන් ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වැඩ බලන) වාණිජ කටයුතු ඊ. වීරසිංහ මහතාගෙන් කල විමසීමකදී මෙසේ කීය. අන්තර් ජාල ගෙවීම් කටයුතු ඊයේ දින සිදු කිරීමට නොහැකි තත්වයක් තිබුණා. එය සවස් වන විට යථා තත්වයට පත් කිරීමට හැකියාව පවතින බව තාක්ෂණික අංශයේ නිළධාරීන් දන්වා සිටියා. එය සයිබර් අපරාධකරුවන් ගේ ප්‍රහාරයක් නොවේ. තාක්ෂණික බිඳවැටීමත් පමණයි.

 



අදහස් (0)

ජල මණ්ඩලයේ අන්තර් ජාලය බිඳ වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site