IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජුලී චංග් - අමරවීරට රහසක් කියයි

(අංජුල මහික වීරරත්න)

ඇමරිකා එක්සත් ජනපදයේ සංවර්ධනය සඳහා වන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මුල්‍ය අනුග්‍රහය මත ශ්‍රී ලංකාව තුළ සුළු හා මධ්‍යම පරිමාණ කිරි නිෂ්පාදකයින් බල ගැන්වීම සඳහා වන වෙළෙඳපළ පදනම් කර ගත් සුහුරු කිරි නිෂ්පාදන ව්‍යාපෘතිය දියත් කරනු ලැබීය. කොළඹ MoveNpick හෝටලයේ දී මෙම වැඩ සටහන පැවැත්විණි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිනී ජූලි චංග් මහත්මිය ද සහභාගී වූවාය.

මෙම වැඩ පිළිවෙල යටතේ අප රටේ කුඩා හා මධ්‍යම මට්ටමේ කිරි නිෂ්පාදන කටයුතුවල නිරතවන කිරි ගොවීන් 15,000කට ව්‍යාපාරික කිරි කර්මාන්තය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට නියමිතය.

මෙහිදී අදහස් පළ කළ ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලි චංග් මහත්මිය මෙම දේශගුණ සුහුරු කිරි නිෂ්පාදන ව්‍යාපෘතිය එක්සත් ජනපද අරමුදල් යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරනු ලබන නවතම ව්‍යාපෘතිය බවත්, ශ්‍රී ලංකාවේ කිරි ගොවින් සඳහා තරඟකාරීත්වය හා හොඳ නිෂ්පාදන පුරුදු යටතේ තම නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා වෙළෙඳපොළ  මුලික කර ගත් කිරි නිෂ්පාදන කර්මාන්ත වැඩ පිළිවෙළ විශාල සහයෝගයක් වනු ඇතැයි ද ප්‍රකාශ කළාය.



අදහස් (1)

ජුලී චංග් - අමරවීරට රහසක් කියයි

Ruwan Friday, 01 March 2024 11:58 AM

කට අරගෙන ඉන්න එපා... තේරුණා වගේ ඉන්න කිව්වාලු...

:       2       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site