IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජල ගාස්තු අඩු වෙයි

(අංජුල මහික වීරරත්න)

ජල ගාස්තු අඩු කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් දැනට පවතින ජල ගාස්තු 2023-08-01 දින සිට ක්‍රියාත්මක කරනු ලබන අතර, එම ගාස්තු සමාලෝචනද කිරීම සඳහා ගාස්තු ප්‍රතිපත්තිය සහ සූත්‍රය ක්‍රියාත්මක කිරීම පිණිස 2024-07-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. 

2024-07-16 දින සිට ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු අඩු කරනු ලැබ ඇති බැවින් සහ ඉන්ධන, රසායනික ද්‍රව්‍ය හා පොලී පිරිවැය යනාදියෙහි පිරිවැය අඩු වීම සැලකිල්ලට ගනිමින් ජල ගාස්තු යම්ප්‍රතිශතයකින් අඩු කිරීමේ හැකියාව පවතින බව රජය පවසයි.

ඒ අනුව සමෘද්ධිලාභීන් සහ නාගරික වතු ජනාවාස හැරුණු කොට ගෘහස්ථ කාණ්ඩය සඳහා සියයට හතකින් ද රජයේ රෝහල් සඳහා සියයට 4.5 කින් ද , පාසල් සහ පුණ්‍යායතන සඳහා සියයට 6.3 කින් ද ජල ගාස්තු අඩු කිරීමට නියමිතය.

මෙහි සමස්ත අඩු කිරීමේ සාමාන්‍ය සියයට 5.94කි.

මෙම ජල ගාස්තු සංශෝධනය කිරීම පිණිස ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන  අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (4)

ජල ගාස්තු අඩු වෙයි

Nimal Tuesday, 13 August 2024 11:09 AM

විනී ප්‍රඩක්ෂන් එකේ අලුත් වීඩියෝ එක බලන්න . ජනතාවට සහන හම්බ උන හැටි ලෙසටම තියනවා

:       5       7

Jayasekara Tuesday, 13 August 2024 11:35 AM

මාර අඩු කිරිල්ලක් නේ .හිනාත් යනවා

:       4       12

Kazi Shajahan Tuesday, 13 August 2024 12:30 PM

දැන් නම් මොනවා නිකන් දුන්නත් අපි නම් ජවිපෙට තමයි ඡන්දේ දෙන්න‍ෙ

:       0       1

ජනරළ Tuesday, 13 August 2024 01:24 PM

ඕවායේ හැම එකකම ගාස්තු එදා වැඩි කරනකොට මිනිස්සුන්ට සිද්ධවෙන දැඩි අපහසුතාවය ගැන ඔය දියවන්නාවේ බලය තිබුණු එක්කෙනෙක් වත් වගේ වගකට ගත්තේ නැහැ. පැන්න ගමන් අහපු ගමන් අත ඉස්සුවා අනුමැතිය දුන්නා හොඳට හිනාවෙවී. දැන් මේ ඡන්දෙ කිට්ටු කරලා ඇමවල් දික්කරනවා. අපි බලා ගමු සැප්තම්බර් 21 වෙනිදට ඔය අපිව එදා ගණන් ගන්නේ නැතුව ඕව ගණන් උස්සපු අයගේ අනාගතේ ගැන.

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site