IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජර්මන් පදනමේ කතට එතෙර යන්න අවසර

ජර්මනියේ ෆ්‍රෙට්‍රික් නියුමන් පදනමේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සාගරිකා නීලමනී දෙල්ගොඩ රුපියල් ලක්ෂ පනහක බැ දුම්කරයක් අත්සන් කිරීමෙන් පසු ගෙදර යෑමට අවසර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග ක‍ළේය.

ඇය සිය කැමැත්තෙන්ම මේ බැඳුම්කරව අත්සන් කළාය.

රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අධිකරණයට දැන්වූයේ රජයට තර්ජනයක් කළ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නමුත් ඇය සැකකාරියක නොවන බවයි. ඉදිරියේදී ඇය සැකකාරියටක කිරීමට ඉඩ ඇතැයි ද, පසුගිය සිකුරදා ඇගේ එතෙර ගමන වැළැක්වීයැයි ද ඔහු කීවේය.

ඇය බැඳුම්කරයක් මත එතෙර යන්නේ නම් ඊට විරුද්ධ නොවන බව අබේසේකර මහතා කීවේය. මහේස්ත්‍රාත් පිලපිටිය මහතා පැවසුවේ ඇය සැකකාරියක නොවේ නම් බඳුම්කරයකට ඇතුළු  වන ලෙස ඇයට දැන්විය නොහැකි බවයි. ඇය කැමතිනම් එවැන්නක් කළ හැකි බව ද මහේස්ත්‍රාත් කීවේය.

 



අදහස් (0)

ජර්මන් පදනමේ කතට එතෙර යන්න අවසර

තිසල් Wednesday, 26 June 2013 12:43 AM

ඔන්න ඔන්න ගාමිණී-සිරිලට, සිසිරලට නෝනා ගැන සත්වකරුනාව පහල වෙලා. මම හැමදාම කියනවනේ ලංකාවේ ගොඩක් අයට දුක හිතෙන්නේ වැරදි කාරයට, සැකකාරයට, තරුපටිකාරයට කියලා. නෝනට රට යන්න ඕන, මහත්තයට රට යන්න ඕන නම් ඇප දිය යුතුය. ගමේ බබානිස් හරමානිස්,සොපි අක්කා නොකරපු දෙයකට උනත් හොද වැඩේ ජීවිතේටම හිරේ යවන්න ඕනා, එල්ලන්න ඕන කියනවා. මේක පුදුම ලෙඩක්. ගමේ දුප්පත් එකාට විතරද හිරගෙවල්. රුපියල් සියගණන් හොරකම්කලොත් හිරේ. හොරකම මිලියන ගණනනම්, ටයි කෝට් ඇදලනම් පවු රට යන්න දෙන්න. (නදී)

:       0       0

අනුර Tuesday, 25 June 2013 06:19 PM

මස් මාළු නොකා නිර්මාංශ ආහාර පමණක් ගත් හිට්ලර් ජීවිතේට මත්පැන් කටේවත් නොතිබ්බත් යුද්දේ පැරදුණා. (අ)

:       0       0

සිසිර Tuesday, 25 June 2013 08:13 PM

මෙතුමිය එතම හොඳ මහත්මියක් (අ)

:       0       0

සරා Wednesday, 26 June 2013 01:08 PM

මේ විදේශීය පදනම් වලින් අප දේශයට කොරන දේශපාලන හානිය හොයන්න දක්ෂ නිලදාරීන් මේ අපරාද අංශ වලින් බලාපොරොත්තු වෙන්න බැහැ. රාජ්‍ය ආරක්ෂාවට පොලිස් දේශපාලන ත්‍රස්ත විමර්ශන නිලදාරීන් පුහුණු කරන්න ඕනෑ. (නි)

:       0       0

අමාලි Tuesday, 25 June 2013 09:46 PM

අනේ කාලේ

:       0       0

සරත් Wednesday, 26 June 2013 10:06 AM

එතෙර නෙමෙයි ගෙදර... (නි)

:       0       0

සම්පත් ප්‍රියංකර Wednesday, 26 June 2013 10:22 AM

නෝනා රට ගිහිල්ල වැඩේ නියමෙට කරාවි. ඔන්න හැබැයි ඊට පස්සේ නෝනා ඇල්ලිලි බොරු..... (නි)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 25 June 2013 05:27 PM

පසුගිය දිනවල එක්තරා නාලිකාවකින් ඔය කියන පදනම ගැන පට්ටා ගැහැව්වා.සැක කාරියක් හෝ වැරදි කාරියක් නොවන්නේ නම් ඊට පෙරාතුව කල විවේචන හොඳ මදිනේද ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site