(විමුක්ති එස් රුද්‍රිගු)
තම දරුවන් ප්‍රාණ ඇපයට ගත් පියෙකු හේතුවෙන් ජර්මනියේ හැම්බර්ග් ගුවන් තොටුපොළ වසා දැමීමට ගුවන් තොටුපොළ බලධාරීන් කටයුතු කර ඇත.ඒ හේතුවෙන් ගුවන් ගමන් වාර 27කට පමණ බලපෑම් එල්ල වූ බව ගුවන් තොටුපොළ බලධාරීන් පැවසුවේය.
35 හැවිරිදි පුද්ගලයෙකු හැම්බර්ග් ගුවන් තොටුපලේ මාර්ග බාධක බිඳ දමමින් පෙරේදා(04) සිය මෝටර් රථය ධාවනය කර එම ගුවන් තොටුපොළ නවතා තිබූ ගුවන් යානයක් යට නතර කළ බවත් අනතුරුව ඔහු ගිනි අවියක් රැගෙන අහසට දෙවරක් වෙඩි තැබූ බවත් ජර්මානු පොලිසිය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත. අනතුරුව සැකකරු මෝටර් රථයෙන් පෙට්‍රල් බෝම්බ දෙකක් එළියට ගත් බවත් මෝටර් රථයේ අවුරුදු 4 ක පමණ වයසේ පසුවන දරුවෙකු සිටි බවත් ජර්මානු පොලිසිය නිකුත් කළ ප්‍රකාශයේ දැක්වේ.දරුවාගේ බාරකාරත්වය සම්බන්ධයෙන් පැන නැගුනු ගැටලුවක් මෙම පුද්ගලයාගේ ක්‍රියා කලාපයට හේතුවන්නට ඇතැයි ජර්මානු පොලිසිය පැවසුවේය.
නමුත් ඇතැම් ජර්මානු මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම පුද්ගලයාගේ මෝටර් රථයේ දරුවන් දෙදෙනෙකු සිටි බවත් මෙම තැනැත්තාගේ බිරිඳ සිය දරුවන් දෙදෙනා පැහැර ගෙන ගොස් ඇති බවට පොලිසියට පැමිණිලි කර ඇති බවත්ය.කෙසේ වෙතත් මෙම ප්‍රාණ ඇපකරු සිදුවීම හේතුවෙන් කිසිවෙකුටත් ජීවිතහානියක් සිදු වූ බවට වාර්තා වී නොමැති බවත් විශේෂ කණඩායමක් තත්වය සමථයකට පත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවත් ඊයේ(05) පොලිසිය ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
96
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
144
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජර්මනියේ හැම්බර්ග් ගුවන්තොටුපොළ වහයි