‘අපි දිනනවා. ඒක ස්ථිරයි.‘ අද උදේ 10.53 ට යෙදුණු නැකතින් මැදමුලනේ ඩී.ඒ.රාජපක්ෂ විදුහලේදී ඡන්දය ප්‍රකාශ කළ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ප්‍රකාශ කළේය.
සාමකාමීව සතුටින් අපේ ජයග්‍රහණය භුක්ති විඳිමු යන්න මගේ පණිවිඩයයි. මහින්ද රාජපක්ෂ ඡන්දය දිනන බවට එසේ විශ්වාසය පළ කළත් මැතිවරණ විශ්ලේෂකයන් පවසනුයේ කිසිම පක්ෂයකට බහුතරයක් දිනාගත නොහැකි බවයි. හිටපු ජනපතිගේ දැඩි ජාතිවාදී පිළිවෙතින් සහ සන්ධාන හවුල්කරුවන්ගෙන් ඔහුගේ බලාපොරොත්තු සේදී යා හැකි බවයි.
ඔහුගේ රැලිවලට මහ සෙනගක් පැමිණියත් ඔහුට පසු බලයට පැමිණි අනුප්‍රාප්තිකයා රට දමිළයනට විකුණතියි චෝදනා කරයි. ජනපති මෛත්‍රිපාල සිරිසේන වඩාත් කැමැති වනුයේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අගමැති ඊළඟ රජය පිහිටවනු දැකීමයි.
කොළඹදී ඡන්දය ප්‍රකාශය කිරීමෙන් පසු අගමැති වික්‍රමසිංහ මහතා පැවසූයේ ජනවාරි 8 වැනිදා විප්ලවය ඉදිරියට ගෙන යාම සඳහා ඊළඟ රජය පිහිටුවිය හැකි බව තම විශ්වාසය බවයි.
අපි ඡන්ද දායකයාගේ මතයට ගරු කරමු. එකට වැඩ කරමු. නව රටක් ගොඩනගමු. අර්බුද ඇති නොකරමු.‘ යනුවෙන් වික්‍රමසිංහ මහතා වාර්තාකරුවන් සමග කීවේය.
ජනවාරි 8 වැනිදා ජනපතිවරණය පරාජය වීමෙන් පසු රාජපක්ෂගේ බිරියට හා සහෝදරයන් දෙදෙනකුට දූෂණ චෝදනා එල්ල විය.
හිටපු රග්බි තරුවක්ද මරා දැමීයැයි ඔහුගේ පුත්‍රයකුද සැකයට ලක්විය. රාජපක්ෂ යුගයේ දූෂණය ඉහවහා ගියේය යන මතය නිසා ඔහුගේ කීර්තිය පළුදු විය. “රනිල් (වික්‍රමසිංහ) මහින්ද (රාජපක්ෂ) වගේ හොරෙක් නොවෙයි.‘‘ කුලී රියදුරකු වන කොළඹ එන්.ජයසේකර එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දීමෙන් පසුව එසේ කීවේය.
‘‘2009 යුද්ධය අවසන් කළ රාජපක්ෂ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි. ලංකා ඉතිහාසයේ සිටින්නේ එකම වීරයායි. ඔහු මහින්ද රාජපක්ෂයි.‘‘ හම්බන්තොටදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව එසේ පැවසූයේ ජගත් කුමාර (34) මහතාය.
(ඒ.එෆ්.පී ප්‍රංශ පුවත් සේවයේ වාර්තාවක් ඇසුරිණි)
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජය නියත බව මහින්දයි රනිලුයි කියති
දුමින්ද Monday, 17 August 2015 12:58 PM
ජනමතය සියල්ලට ඉහලවේ (නදී)
රූපේ Monday, 17 August 2015 01:14 PM
හොරා කියන්නේ කොහොමද ? (නදී)
ගාමිණී Monday, 17 August 2015 01:19 PM
ඉස්සර කට්ටඩියමද මේ නැකත හැදුවේ ? (නදී)
නිමල් ලලිතා Monday, 17 August 2015 01:51 PM
තමන්ට අඩුම වසයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වීමට හෝ සිංහලයා ඉතිරිවිය යුතු බව නොසිතා, බලයට මරා ගන්න. (නදී)