
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී මෙරට අවශ්‍යතාවයන්ට ඉන්දියාවෙන් ධනාත්මක පිළිතුරක් ලැබෙනු ඇතැයි ඉන්දීය රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් "ද හින්දු" පුවත්පත වාර්තා කර ඇත.
එසේම ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයේදී ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය වීම පිළිබඳ එස්.ජයිශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුකරනු ඇතැයි එම පුවත්පත පෙන්වා දී තිබේ. එසේම බලශක්ති සුරක්ෂිතතාව, ආහාර සුරක්ෂිතතාව, විදේශ මුදල් හුවමාරු පහසුකම් සහ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ දෙරට අතර සාකච්ඡා පැවැත්වෙන බවත් එස්.ජයිශංකර් මහතාගේ දෙදින නිල සංචාරයේදී ඒ පිළිබඳ නිවේදන කිහිපයක් සිදු කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බවත් "ද හින්දු" පුවත්පත වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට සහාය වීමට පසුගිය වසරේ ඉන්දියාව ඇමෙරිකානු ඩොලර් බිලියන 4 ක පමණ සහායක් ලබා දුන් පරිද්දෙන් ඉදිරියටත් සහාය ලබා දෙනු ඇතැයි "ද හින්දු" පුවත්පත සඳහන් කර ඇත.
ත්‍රිකුණාමල සංවර්ධන ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර බලශක්ති සම්ප්‍රේෂණ සබඳතාවක් ඇති කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් වලට එළඹීමට සාකච්ඡා පැවැත්වෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ආරංචි මාර්ග පෙන්වා දී තිබේ.
2025 දෙසැම්බර් මස 18
246
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජයිශංකර්ගේ ආගමනයෙන් ලංකාවට කොළ එළියක්