ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලීමක් කර ඇත.
පාර්ලිමේන්තුවේ පනත් කිහිපයක් සම්මත කර ගැනීම සඳහා සහාය ලබා ගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජයලලිතා ජයරාම්ගේ නිවසට ගිය අවස්ථාවේ එම ඉල්ලීම කර ඇති බව "ද හින්දු " පුවත්පත් වෙබ් අඩවිය සඳහන් කර සිටී.
මෝදි සහ තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් අතර සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් පැවැති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය.ජයලලිතා ජයරාම් එහිදී අග්‍රාමාත්‍යවරයාට දිවා ආහාරය ද පිළිගන්වා ඇත.
ශ්‍රී ලංකාවේ සුළුතරයක් වූ දමිල ජනතාව ආරක්ෂා කිරීම සදහා ඉන්දියාව කැපවී ඇති බව ජයලලිතා මෝදිට සිහිපත් කර ඇති බව සඳහන්ය.
දෙමළ ජනතාවට සුවිශේෂී අනන්‍යතාවක් සහ සංස්කෘතියක් ඇති බව පෙන්වා දී ඇති තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරිය 1987 වසරේ ඉන්දු - ලංකා ගිවිසුම තුළින්ද ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ආරක්ෂා කිරීම සඳහා කටයුතු කළ බව පෙන්වා දී ඇත.
2025 දෙසැම්බර් මස 18
245
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජයලලිතා බැරි බරක් මෝදි කරේ තියයි
ශ්‍රීලාල් Sunday, 09 August 2015 11:58 AM
ශ්‍රී ලංකාව ඉන්දියාවේ දේපලක් නොවන බව සිහි තබාගන්න. අපේ ප්‍රශ්න තව කල්නොයවා විසඳීමට කාලයයි. (නි)
සෑම් Sunday, 09 August 2015 12:16 PM
මෝඩ ගෑනියේ ලංකාව ඉන්දියාවේ කැල්ලක් නෙමෙයි. මේ ගෑනී හොරකම් කළා මිසක් අධ්‍යාපනයක් ඇති ගෑණියෙක් නෙමෙයිනේ (බ)
කාන්ති Sunday, 09 August 2015 08:50 AM
මේ නෝනා හිරේ ගිහිනුත් පාඩමක් ඉගෙනගෙන නැහැ නේද? (නි)
ආර්. සම්පත් Sunday, 09 August 2015 08:50 AM
ලංකාව ගැන දේශපාලන තීරණ ගන්න මොකටද මෙයාලා කලබල වෙන්නේ. ලංකාවේත් පාර්ලිමේන්තුවක් කියලා එකක් තියෙන්නේ... (නි)
ගුණපාල Sunday, 09 August 2015 10:02 AM
ඔන්න ඕක තම අපේ රටට කොන්ද කෙලින් තියන් වැඩ කරන්න පුළුවන් නායකයෙක් ඕන, ලංකාව ඉන්දියාව කියල හිතාගෙන අැත්තේ. (බ)