දින 21කට පසු තමිල්නාඩු හිටපු මහ ඇමැතිනි ජයරාම් ජයලලිතාට ලබන දෙසැම්බර 18 වැනි දා වන කෙත් අතුරු ඇප නියම කරන බව ඉන්දියා අගවිනිසුරු එච් එල් දත්තු ප්‍රකාශ කළේය.
ජයලලිතාගේ ඇපෑල පමා නොකරන බවට ඇගේ නීතීඥයන් දුන් පොරොන්දුව අනුව දෙසැම්බර 18 වැනි දා තෙක් පමණක් ඇප නියම කරන බවත්, දෙසැම්බර 18 වැනි දා යින් පසු දවසක්වත් ඇප නොදෙන බවත් අගවිනිසුරු සිය තීන්දුවේ දී ප්‍රකාශ කළේය.
ඉන්දියා රුපියල් සිය කෝටියකට වැඩි වත්කම් හිමි කර ගත්තේ කෙසේදැයි හෙළි කිරීමට නොහැකි වූ නිසා ඇයට වසර හතරක සිර දඬුවමක් නියම විය.
66 හැවිරිදි ජයලලිතා ඇප ඉල්ලා සිටියේ ඇගේ වයස හා සෞඛ්‍ය හේතු මතය.
ඇය දියවැඩියාව, අධි රුධිර පීඩනය, සෛල දාහය නම් ඡර්ම රෝගයකින් හා තවත් රෝග කිහිපයකින් පෙළෙන බව ඇගේ ඇප ඇයදුමේ සඳහන් විය.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජයලලිතාට දෙසැම්බර 18 දක්වා ඇප
කාවින්ද Friday, 17 October 2014 08:57 AM
රනිල්ව ඉන්දියාවේ සංචාරකයට ගෙන්වා ගත්තොත් ජයලලිතාත් නිදහස් වෙයි. තහනම් ඉවත් වෙයි. (නදී)
ආනන්ද Friday, 17 October 2014 09:13 AM
හිටියත් අනුහසින් කල වරදින් බේරී පසුපස හඹා එයි කර්මය මග නෑරී තිබුනත් දොළොස් දාහක් ලස්සන සාරී ජම්පර අඳිනවා අද නැට්ටුක්කාරී (නදී)
රංජිත් Friday, 17 October 2014 11:28 AM
ආනන්ද මහත්තයාගේ කවිය නියමයි. (ස)
චින්තක Friday, 17 October 2014 12:42 PM
මෙතැන නටන ගැහැනු මිනිස්සු දිහා බලපුවහම තේරෙනවා ජයලලිතලා වාගේ අයව බලයට පත් කරන්නේ මොන වගේ අයද කියලා. (අ)
යශෝධා Saturday, 18 October 2014 04:32 AM
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
මොරිස් Friday, 17 October 2014 01:13 PM
ලංකාවේ ඉන්න තොදොල් එෆ් එම් බබාලාගේ ගොන් කතා වලට වඩා කොච්චර හරවත්ද අනන්ද මහතාගේ කවිය.(අ)
යහම්පත් Friday, 17 October 2014 03:32 PM
මොරිස් මහතා කිවා වාගේ , ආනන්ද මහතා කවියෙන් කියපු දෙය ලොකු අගයක් තියෙනවා , එෆ් එම් නාලිකා වල අද අපි අහන්නේ කවි නෙමේ තනිකර කුනුහරුපනේ (නදී)
ලලිත් Friday, 17 October 2014 06:47 PM
පොත්ත සුදට තිබුනට බලාගෙන ගිහාම ලෙඩ ගොඩක් නේ. ඔය චර්ම රෝග එහෙම රඟපාන කාලේ හැදිච්ච එව්වා වෙන්න ඇති? (අ)
ශ්‍රීලාල් Friday, 17 October 2014 08:23 PM
ඔය රෝග ඔක්කොම තියාගෙනද ලංකාවට විරුද්ධව බොහොම ගාම්භීරව සටන් ප්‍රකාශ කළේ? රෝග නැති වුණා නම් හමුදාවක් අරගෙන ලංකාවට එන්නත් තිබුණා (නි)
ගාමිණී සිරිවර්දන Friday, 17 October 2014 08:39 AM
අපේ රටට දාපු ලෙඩ වලට තමා ජයලලිතට 98 ක් රෝග වැලදී තියෙන්නේ.කාන්තාවක් ,නිලියක් හැටියට අනුකම්පා කලත් ,මහඇමතිනියක් හැටියට අපේ කිසිදු අනුකම්පාවක් නැහැ ! (ස)