IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජයලලිතාගෙන් නැවතත් බාල්දියක්

ශ්‍රී ලංකාව සමඟ සබඳතා පැවැත්වීමේදී ධීවර ගැටලුව ප්‍රධාන කරුණක් බවට පත්කර ගත යුතු බව තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ප්‍රකාශ කොට ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරයි.

මෙරට අත්අඩංගුවේ පසුවන තමිල්නාඩු ධීවරයින් 78දෙනා නිදහස් කරගැනීමට මැදිහත්වන ලෙස ඉල්ලා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත  ලිපියක් යොමු කරමින් ජයයලිතා ජයරාම් මේ බව ප්‍රකාශ කර ඇත.

ආණ්ඩු මාරු වුවද තමිල්නාඩු ධීවරයන්ට දක්වන සැලකිල්ලෙහි කිසිදු ධනාත්මක වෙනසක් සිදුව නොමැති බවද ජයලලිතා ජයරාම් පෙන්වා දේ. තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරිය සඳහන් කර සිටින්නේ තමිල්නාඩු ධීවරයන් අත්අඩංගුවට ගැනීම සහ හිරිහැර කිරීම ඔවුන්ගේ සාම්ප්‍රදායික ධීවර අයිතිවාසිකම් උල්ලංඝණය කරන්නක් බවය.

ධීවර ගැටලුව සම්බන්ධයෙන් ඉහළ රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ කඩිනම් දේශපාලන මැදිහත්වීමක් අවශ්‍ය බව ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත යොමුකළ ලිපියේ සඳහන්ය.

 



අදහස් (0)

ජයලලිතාගෙන් නැවතත් බාල්දියක්

දිමේෂ් Thursday, 15 October 2015 05:15 AM

මෙයාට හිරේ ගියත් මදිද මන්දා. ඔය රටේ ප්‍රධාන ප්‍රශ්නය වන වැසිකිළි ප්‍රශ්නය විසඳලා ඉන්නවද අනිත් රටවලට එක එක ඒවා කියන්නේ නැතුව. (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 15 October 2015 06:21 AM

තම පක්ෂයේ මැති ඇමතිවරු තවමත් තමන් ළඟ වැඳවැටෙන අයුරින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු කරන්න බැහැ කියලා මෙයාට තේරෙන්නේ නැහැ (නි)

:       0       0

මනෝරි Thursday, 15 October 2015 06:35 AM

පිස්සු අම්මණ්ඩි කෙනෙක් නේද මේ ගැනි (බ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Thursday, 15 October 2015 08:01 AM

මෙයාට නම් තියෙන්නේ පිස්සුවක් නොවෙයි, බලතණ්හාවත් එක්ක අපේ රට කෙරෙහි තිබෙන ඊර්ෂ්‍යාවක්.කොටි පුරුදු පුහුණු කරලා එවලත් දිනාගන්න බැරිවුණ ඊළම ගැන නැවත කෙළහලමින් ඉන්නේ‍. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සීමා පැනවුවත් ඔය ධීවරයෝ අපේ සම්පත් කොල්ලකාගෙන යනවා. ඒ අරගෙන යන්නේ උතුරේ මිනිසුන්ගේ මත්ස්‍ය සම්පත (නි)

:       0       0

ජයනාත් Thursday, 15 October 2015 03:15 PM

තමිල් නාඩුවේ බහුතර දුගී ජනයාට හරි යන්නේ මේ වගේ චරිත තමයි..! අර දෙමල චිත්‍රපටිවල වගේ කැති, පොලු, මන්නා ,පිස්තෝල වලින් ප්‍රශ්න විසදන්නට . මැය චෝදනා ඔප්පු වූ දුෂිත හෙරක් ..! දැනට නිදහස් වුනාට තව ප්‍රාන්තයක් ඒ තීන්දුව අභියෝගකරලා ..! මැය මෙහෙ ඇඟිලි ගහන්න එන්නේ දේශපාලන වාසිගන්න.නැතුව අපේ දෙමල ජනතාවට ඇති ආදරේට නොවෙයි..! තමිල් නාඩුවේ නොවිසඳුණු ප්‍රශ්න කොතරම් ද..? (අ)

:       0       0

ඉසුරන්දි Saturday, 17 October 2015 07:55 AM

ඕනෑම රටක් තම දේශ සිමා උල්ලංගනය කරන පිටස්තරයකු අත්අඩංගුවට ගන්න බලේ තියෙනවනේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site