IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජීමේල් හෙළ බසින්

ලෝක ප්‍රසිද්ධ ප‚වුඩ හුවමාරු ක්‍රමයක් වන ජී මේල් හි අතුරු මුහුණතට සිංහල ඇතුළු  භාෂා දහතුනක් අලුතින් ඇතුළත් කිරීමට ගූගල් සමාගම පියවර ගෙන ඇතැයි පී.සී වර්ල්ඩ් වෙබ් අඩවිය සඳහන් කරයි.

‘ජී මේ‘ල් යනු  විද්‍යුත් තැපැල් පහසුකම් සැපයීම සඳහා ගූගල් සමාගම හඳුන්වාදුන් සන්නිවේදන ක්‍රමයකි.

මීට පෙර ජී මේල් හි භාෂා 58ක් තිබූ අතර නව භාෂා එක්වීමත් සමඟ එය භාෂා 71 දක්වා වැඩිවිය.

ජී මේල් අතුරු මුහුණතට අලූතෙන් එක් වූ භාෂා වනුයේ ඇෆ්‍රිකාන්ස්, ආර්මේනියන්, අසර්බයිජානී, චීන (හොංකොං), ප්‍රංශ (කැනඩා), ගැලීෂියන්, ජෝර්ජියන්, කෙමර්, ලාඹ්, මොංගෝලියානු, නේපාලි, සිංහල හා සූලුය.

ජී මේල් වෙත එක්කළ භාෂා පෙරේදා (7) ක්‍රියාත්මක වන අතර එය ජංගම දුරකථන ඇතුළු ගූගල් සමාගමේ ජී මේල් ක්‍රියාත්මක වන සෑම උපකරණයකම ක්‍රියාත්මක වන ගූගල් සමාගම කියයි.

ජී මේල් හි අතුරු මුහුණතෙහි (ඉන්ටර්පේස්) භාෂාව වෙනස් වීම නිසා මිනිසුන් සන්නිවේදනය කරන, එනම් පණිවුඩ යවන හෝ පණිවුඩ ලැඛෙන භාෂාවේ වෙනස් වීමක් නොවන බවද ගූගල් සමාගම කියයි.



අදහස් (0)

ජීමේල් හෙළ බසින්

නිමල් Wednesday, 09 July 2014 06:32 AM

එයි අපි තාමත් ජී මේල් පාවිච්චි කරන්නේ? අපිටම කියල අපේ එකක් හදාගන්න උනන්දු වෙන්නේ නැත්තෙ මොකද? අපි ජී මේල් වලින් යවන දේවල් ඔක්කොම ඇමෙරිකාවට බලන්න පුළුවන්. (ස)

:       0       0

ජයත් Wednesday, 09 July 2014 06:37 AM

මොකද අමල් කමල් දෙන්න අරයල එක්ක ඔය තරම් තරහ. එයාල හොඳ දේවලුත් කරලා තියනවා නේ. (ස)

:       0       0

හෙට්ටිආරච්චි Tuesday, 08 July 2014 08:14 PM

අපිට නම් තවම හමුවුණේ නැහැනේ (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 08 July 2014 10:09 PM

ගූගල් ඇමරිකන් නිසා අපි වර්ජනය කරමුද? (නි)

:       0       0

ශානක Wednesday, 09 July 2014 08:14 AM

මේ ලින්ක් එක බලන්න. http://www.pcworld.com/article/2451420/google-adds-13-more-languages-to-gmail.html (නි)

:       0       0

සමන් Wednesday, 09 July 2014 12:51 AM

අර අපේ ඇමරිකන්වීරෝධී මහත්තයා මේකට කැමතිද? (නි)

:       0       0

සත්‍යා Wednesday, 09 July 2014 01:59 AM

මේක පරිගණක සංනිවේදන තාක්ෂණයේ හොඳ ප්‍රගතියක්. නමුත් මිනිස්කමින් දිනපතාම ඈත්වන මිනිසුන් මේ දියුණුවෙන් කෙසේ ප්‍රයෝජන ගනීද කියා මට හිතාගන්නවත් බැහැ. (නි)

:       0       0

කමල් Wednesday, 09 July 2014 10:08 AM

ජයත් කිසිම පෞද්ගලික තරහක් කා සමගවත් නැහැ. රට දියුණු කරන ප්‍රතිපත්ති හරියට නොගැනීම සහ ඥාති හිතවතුන් සදහා ව්‍යාපෘති නිර්මාණය කිරීම සහ රටට නොගැලපෙන සෝබන ව්‍යාපෘති වලට තමයි විරෝධය. (ස)

:       0       0

හසන්ත Wednesday, 09 July 2014 04:36 AM

මේක කවදා ඉඳලද දන්නෙ නැහැ නේද අපිට බලන්න පුලුවන්? (නි)

:       0       0

කමල් Tuesday, 08 July 2014 03:13 PM

අර තොරතුරු ආයතනය එයිද ලකුණු දාගන්න. (ස)

:       0       0

අමර Wednesday, 09 July 2014 05:39 AM

කමල්, අනිවාර්යයෙන් එයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site