IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ජම්පටා වීදියේ වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ

( ඉන්දිකා රාමනායක)

කොළඹ ජම්පටා වීදියේ සිදු කළ වෙඩි තැබීම මත්ද්‍රව්‍ය ජාවාරම මුලකරගෙන සිදු වූවක් බවට තොරතුරු  ලැබුණු බව පොලිසිය කියයි.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ ජම්පටාවීදියේ පදිංචි බැල්කම් කාවින්ද (37) නැමැති අය බවට හඳුනාගෙන ඇත.

මොහු අද (1) පෙරවරුවේ  ජම්පටාවීදිය මාර්ගයේ  ගමන් කරමින් සිටියදී සෙල්විගෙ වත්ත ප‍්‍රදේශයේ සිට  යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු  විසින්   මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවද  පොලිසිය පවසයි.

වෙඩි තැබීමෙන් එම පුද්ගලයාගේ අතට වෙඩි වැදී ඇති බවත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත් පොලිසිය පවසයි.

 සිද්ධිය සම්බන්ධයෙන් වෙරළබඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (1)

ජම්පටා වීදියේ වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ

Bamunuarachchi Tuesday, 01 January 2019 10:11 AM

කාලෙකට පස්සේ ජම්පටා වීදිය පැත්තෙන් ඔහොම දේයක් ඇසුනේ. අලුත් චන්ඩි ඇවිත් වගෙයි. පරණ අයගේ නමවත් මතක නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 601 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 753 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 317 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site