IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජපුරේ රණ්ඩුවෙන් අලාභ වූ දේපොළට වැඩියෙන් අය කරගෙන

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසු ගැටුමක් හේතුවෙන් නේවාසිකාගාරයකට අලාභ හානි සිදුකළ  සිසුන් දස දෙනෙකුගෙන් අනවශ්‍ය ලෙස මුදල් අයකරගෙන ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය.

එලෙස හානි වූ විශ්වවිද්‍යාලයේ දේපොළවල වටිනාකම් මෙන් තුන් ගුණයක් නිත්‍යානුකුලව අය කරගෙන ඊට අමතවර 25% අධිභාරයක්ද සිදුකර ඇති බව කාරක සභාව පෙන්වා දුන්නේය.

ඒ අනුව එලෙස ගණනය කිරීම් අනුව  අයකිරීම් වල වරදක් වී ඇත්නම් එය නිවැරදි කිරීමට සුදානම් බව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා මෙහිදී අදහස් දක්වමින් කාරක සභාවට දැන්වූයේය. 

ඒ අනුව ගැටුමට සම්බන්ධ පාර්ශ්ව දෙකෙන් එක් පාර්ශ්වයක  සිසුන්ට පමණක්  මෙ‍ලස දඩ අයකිරීම කෙතරම් සාධාරණද  යන්න පිළිබඳව නැවත සිතා බලන ලෙසද  කාරක සභා සභාපතිවරයා මෙහිදී නිලධාරීන්ට පැවසුවේය.

මෙම කරුණු සාකච්ඡා වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.



අදහස් (5)

ජපුරේ රණ්ඩුවෙන් අලාභ වූ දේපොළට වැඩියෙන් අය කරගෙන

Jaya Tuesday, 24 June 2025 11:35 PM

Jvp එකට අදිනවද ?ටිකක් සැකයි ?

:       0       5

subhash Wednesday, 25 June 2025 02:15 AM

අපේ රටේ විශ්ව විද්‍යාල කියන්නෙත් හොර ගුහාවල් තමයි . අධ්‍යන හා අනධ්‍යන දෙගොල්ලොම . ඊට නොදෙවෙනියි ශිෂ්‍ය සංගම් කාරයෝ . ආචාර්යවරුන්ගේ පැමිණීම , පිටවීම හා කාර්යක්ෂමතා හරිහැටි විගණනය කලොත් පෙනේවි බොහොමයක් අය ඉන්නේ 20% ටත් පහලින් බව. අනධ්‍යනත් මේවගේම තමයි . දියුණු රටවල මේවා ක්‍රියාත්මක වන ආකාරය දැක්කම අපේ අය කරන අමු බොරුව පැහැදිලියි.

:       0       2

Frencis Wednesday, 25 June 2025 05:06 AM

එහෙම කලොත් තමයි අනාගතයේ ජනතා දේපොල විනාශය වලක්වන්න පුළුවන් වෙන්නෙ දඩුවම ගැටුම ඇරඹූ අයට පමණක් කිරීම ඉතාමත් හොදයි මේ තීන්දුව ජනතා දේපල නාස්තියට දිරිගැන්වීමක් කියල හිතෙන්නෙ මට විතරද

:       0       4

vernon Wednesday, 25 June 2025 09:08 AM

දැන් මේ කියන විදිහට කවුරුහරි ඇවිල්ලා ඉස්කෝලෙක පු‍ටුවක් කඩලා යනවා හිතා මතා. එතකොට ඒක හදන්න ගිය ගාන විතරක් කඩපු කෙනාගෙන් ගත්තම හරි කියලද මේ කියන්නේ? එතකොට දඬුවමක් නෑනේ එතන, කැඩුවා හැදුවා, ආයි ඕන නම් කැඩුවා හැදුවා.

:       0       4

SubhashWednesday, 25 June 2025 11:09 AM

Mr Vernon රජයේ නිලධාරීන්ගෙන් සැලකියයුතු ප්‍රතිශතයක් හොරකමටම උපන් අය බව පැහැදිලියි. නමුත් විගණකවරුන් හැම එකාම හොරු කියල හිතාගෙන හැම මගුලකම කොනක් අල්ලගන්න හිතාගෙන වැඩකලොත් නුදුරු අනාගතයේදීම රාජ්‍යසේවයට නිලධාරීන් හොයාගන්න අපහසුවේවි. නවසීලන්තයෙන් කිරිහරක් ගෙනාවාම ඒ සතුන්ට සීතල පරිසරයක් අවශ්‍යයි. එ නිසා ඒ සතුන් කොළඹ සිට අඹේවෙල ෆාම් එකට ගෙනියනකන් අදාළ උෂ්ණත්වය දිය යුතුයි. මේ තත්වය නොතේරෙන කෙනෙක් විගණනය කළොත්, කියාවි හරකුන්ටත් AC කාමර දීලා කියලා. ඉතින් මේකට මධ්‍ය වලිනුත් ලොකු ප්‍රචාරයක් දුන්නාම අනේ අර අසරණ නිලධාරීන් නිකන්ම හොරු බවට පත්වෙනවා. මෙන්න මේ වගේ ප්‍රයෝගික නොවන කොන්වලින් අල්ලාගෙන මේ සෙල්ලම කරන්න බැහැ. ඒ වගේම දේශපාලන වෛර පිරිමහන්න හෝ එකිනෙකාගේ හීනමාන පිරිමහන්න ගියොත් ගමන කෙටියි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 127 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site