IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජපන් කෝච්චි ගේන සාකච්ඡා අරඹයි

(අංජුල මහික වීරරත්න)

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය තවදුරටත් ජපාන රජය සමග සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය .

මෙම ව්‍යාපෘතිය කඩිනමින් යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද ඇමැතිවරයා කීය. 

ශ්‍රී ලංකා රජය හා ජපාන රජය අතර පැවති සාකච්ඡාවකදී මෙම ව්‍යාපෘතිය යළි ඇස්තමේන්තු කිරීමට අවධානය යොමුව තිබේ. කොවිඩි වසංගතය හා ආර්ථික අර්බුදය  හේතුවෙන් මේ සදහා වැය වන මුදල මුල් ඇස්තමේන්තුවට වඩා ඉහළ යාම නිසා යළි ඇස්තමේන්තුව සැකසීමට සිදුව ඇතැයි අමාත්‍යවරයා කීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය හා ජපාන රජය සමග පැවති සාකච්ඡා වලදී ගනු ලබන තීරණ අනුව ලබන වසර ඇතුලත පොදු පහසුකම් විතැන් කිරීම හා ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය යළි සක්‍රීය කිරීමට හැකි වනු ඇතැයිද ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.



අදහස් (10)

ජපන් කෝච්චි ගේන සාකච්ඡා අරඹයි

Jayashantha Thursday, 14 December 2023 01:00 PM

හොඳ පියවරක්. අවසානයේ නිවැරදි මාවත ලැබුණි

:       3       21

Hafeel Thursday, 14 December 2023 01:25 PM

එදා ගොන රුවන්ගේ ලණු කාල මෙම ව්‍යාපෘතිය අහෝසි කරන විට ඔයා කොහෙද හිටියේ? එදා ගෝටාභය ගත්තේම මෝඩ තීන්දු තමා. එතකොට ඔයත් එම මෝඩ තීන්දුව වෙනුවෙන් පැනී සිටියා. ඔයාලා කරන්නේම බලයේ ඉන්න කෙනාට කඩේ යන මිස, බුද්ධිමත්ව තීන්දු තීරණ ගන්න නැහැ.

:       0       63

Nimal Thursday, 14 December 2023 01:44 PM

දැන් ඉතින් 3 ගුණයකින් විතර මේක කරයි

:       0       35

ලුම්බිණි Thursday, 14 December 2023 02:11 PM

එදා හොඳ නැහැ අද හොඳයි. ලජ්ජා නැද්ද?

:       0       26

බද්රානි Thursday, 14 December 2023 02:22 PM

යහපාලන රජය යටතේ 0.1% ක පොලී අනුපාතයකට ණය ලබාගෙන ක්‍රියාත්මක කිරීමට තිබුණු රටට ඉතාම වැදගත් ව්‍යාපෘතියක් "රට රකින විරුවා" පැමිණීමෙන් පසුව ඒක පාර්ශීකව එම ව්‍යාපෘති ගිවිසුම තහනම් කිරීම හේතුවෙන් රුපියල් බිලියන පහක වන්දි මුදලක් ශ්‍රී ලංකා රජයට ගෙවීමට සිදුවූ බව මතකද..? මහා චාරිගේ කමිටු වාර්තාව (ගුණරුවන් අල්විස්) ඒ සඳහා අනුබල දුන් බව අමතකද..? ඒ සිදුවූ පාඩුව ගෙවන්නේ කවුද..? දැන් මේ ව්‍යාපෘතිය වෙනුවෙන් පෙනී සිටින හොර තක්කඩියා ගැන මේ රටේ ජනතාව දන්නෙම නැද්ද..? පරණ ව්‍යාපෘති ගිවිසුම හා නව ගිවිසුම සංසන්දනය කලාම වැටහෙයි දෙකේ වෙනස...හොද ව්‍යාපෘති නවතා හොර ව්‍යාපෘති වලට ජනතාව කැමති රටක් මේක...

:       0       40

fairoos Thursday, 14 December 2023 04:35 PM

මුන්නම් මාර කාලකන්නි

:       0       1

Lal Thursday, 14 December 2023 05:23 PM

බොහොම හොඳ වැඩක් ..සැමටම සුබපැතුම්

:       0       1

CHANDIMA Thursday, 14 December 2023 08:28 PM

ආයෙත් පටන්ගන්නෙත් පරණ හරක් යටතේමද?

:       0       0

Rohana Friday, 15 December 2023 09:09 AM

බොරු ව්‍යාපෘති හදල ගෝඨා බය ආණ්ඩුවට අන්ඩරදුන් අර ගුනරුවන් කියන බකපන්ඩිතයා කොහේද ?

:       0       1

සල්ලි Friday, 15 December 2023 11:11 AM

මොකක් හරි පචයක් දාලා හයිලයිට් වෙනවා මේකා. බදු ගහන්න ඕන ඕකා වගේ උන් පච අරිනවාට.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 90 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 142 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 942 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site