
(අංජුල මහික වීරරත්න)
ආපදාවන්ට ලක්වූ ජනතාවට කඩිනම් සෞඛ්‍ය සේවා ලබාදීම සඳහා පැමිණි ජපානයේ හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥයන් කණ්ඩායමේ ප්‍රධානීහු ඇතුළු කණ්ඩායමක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා එම අමාත්‍යාංශයේ අද(15) හමු වූහ.
සති දෙකකට ආසන්න කාලයක් මෙරට රැදී සිටි මෙම කණ්ඩායම හලාවත මූලස්ථාන පොලිස් ක්‍රීඩාංගණයේ ස්ථාපිත කල තාවකාලික විශේෂ ක්ෂේත්‍ර රෝහලක සිට හලාවත සහ අවට ප්‍රදේශවල විශාල ජනතාවකට සුව සත්කාර සේවා සපයනු ලැබීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙහි දී අදහස් දක්වමින් මෙරට ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය සහන සත්කාර සිදුකිරීම සදහා පැමිණි පළමු හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥයන් කණ්ඩායම රටට විශිෂ්ට සුව සේවාවක් ලබා දුන් බව කීය.
ඉකුත් තුන් වෙනිදා මෙරටට පැමිණි ඔවුන් අද(15) රාත්‍රී නැවත ජපානයට යාමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
49
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජපන් ආපදා විශේෂඥයෝ සුව ලේකම් හමු වෙති