(විමුක්ති එස් රුද්‍රිගු)
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලදී ජපානය ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි මහතා ප්‍රකාශ කළ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.
ජපානය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවට සහාය ලබා දුන්නත් විශාල යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමෙන් පසුව බව හිදෙකි මහතා පැවසුවේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ලබා ගැනීම සඳහා අවසන් එකඟතාවයකට පැමිණීමේදී අවශ්‍ය වන ණය හිමියන්ගේ සහතිකය ලබා ගැනීම සඳහාආරම්භ කරන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලදී ජපානය ශ්‍රී ලංකාව සමග සිටිමින් සහයෝගය ලබා දෙන බව සම්මුඛ සාකච්ඡාවකදී මිසුකොෂි හිදෙකි මහතා ප්‍රකාශ කර ඇත.
චීනය සහ ඉන්දියාව ඇතුළු අනෙකුත් ණය හිමියන් සමග සිදු කරන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලදී ජපානය ඵලදායි කාර් ය භාර් යයක් ඉටු කිරීමට බලාපොරොත්තු වන බවද හිදෙකි මහතා සම්මුඛ සාකච්ඡාවේදී පැවසුවේය.
ජපානය ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක පමණ ද්වි පාර් ශ්වික ණයක් ලබා දී ඇත.
2025 දෙසැම්බර් මස 18
356
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජපානයේ සහාය ශ්‍රී ලංකාවට
nika Saturday, 24 September 2022 09:55 AM
වාසනාවන් ... හෝ හෝ වාසනාවන්... ජපානෙට ගොඩක් පින්..!