IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජපානයේ රැකියා දෙන්න කෝටියක් වංචා කරලා

ජපානයේ රැකියා  දෙන බව පවසා  රුපියල් කෝටියකට ආසන්න මුදලක්  වංචා  කළ විදේශ රැකියා ආයතනයක හිමිකරුවකු   ලබන දහසයවැනි දා තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්නැයි නියෝග කළ මාලිගාකන්ද  ප්‍රධාන මහෙස්ත්‍රාත්   එල්. ලියන ආරච්චි මහත්මිය  ඔහුගේ බිරිය රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහරින්නැයි ද නියෝග කළාය.
ගම්පහ රැකියා ආයතනයේ හිමිකරු වන රත්නායක මුදියන්සේලාගේ  රංජිත් බණ්ඩාරනායක රිමාන්ඩ් කැරිණි.  ඔහුගේ  බිරිය වන ඒකනායක මුදියන්සේලාගේ සංජීවනීට ඇප නියම විය.
ගම්පහ යක්කල ප්‍රදේශයේ ‘හිරුකුම් ලංකා‘‘ නමින් විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් මේ වංචාව සිදු කැර ඇතැයි අධිකරණයේ දී කියැවිණි.
දිවයිනේ  විවිධ ප්‍රදේශයන්හි  දේවාල පවත්වාගෙන යමින් හා රජයේ  ප්‍රබල දේශපාලනඥයින්ගේ  ලේකම්වරයකු ලෙස පවසමින්  මුදල් වංචා කර ඇති බවත් වංචා විමර්ශණ ඒකකය අධිකරණයට කීය.
 කොළඹ වැල්ලවත්ත  වංචා විමර්ශණ ඒකකය මාස හයක් මුළුල්ලේ පැවැත්වු  පරීක්ෂණයකදී පසුගිය 18 වැනිදා වැලිකන්ද  ප්‍රදේශයේ දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ මොහොතේ මොහු ළඟ තිබී ව්‍යාජ  විදේශ ගමන් බලපත්   දහ අටක් සහ  ජාතික හැදුනුම්පත් තුනක් වු බවත්  මුදල් වංචා  ගම්පහ අධිකරණයේ නඩු තුනක් ද, කඩුවෙල අධිකරණයේ නඩු දෙකක්ද,  අලුත්කඩේ අංක 06 අධිකරණයේ නඩුවක්ද පවතින බවත් මොහු වංචා රැසකට  හවුල් බවත් අනාවරණය වී ඇතැයිද වංචා විමර්ශණ ඒකකය අධිකරණයට දැන්වීය.

 

 



අදහස් (0)

ජපානයේ රැකියා දෙන්න කෝටියක් වංචා කරලා

සරත් Wednesday, 03 April 2013 03:54 PM

පුවතක් ඇහුවොත් කවුරු හරි මරලා එහෙම නැතිනම් වංචා කරලා (දී)

:       0       0

චන්තික Wednesday, 03 April 2013 12:32 PM

මෙවන් මිනිසුන්ට මොනවා කරලා මදිද (දී)

:       0       0

වරුණ Wednesday, 03 April 2013 07:28 AM

අනිවාර්යෙන්ම දෙසපාලඥයෙකුත් මේ ජාවාරම පිටිපස්සේ ඇති? නැතිනම් බය නැතුව මෙච්චර ලොකු ගානක් වංචා කරන්න අමාරුයි නේද?(නදී)

:       0       0

අමන්ත Wednesday, 03 April 2013 09:22 AM

මේවාගේ ලෝක හොරු මෙය සමාජයෙන් එළවලා දන්නා ඕනේ.(නදී)

:       0       0

සුජානි Tuesday, 02 April 2013 11:27 PM

හයියෝ මොන පිස්සුද බය වෙන්න දෙයක් නැහැ ගනිපුවයින් ටිකක් එහා මෙහා කරන්නකො නිකම්ම ගෙදරනේ කොල්ලෝ. සමහර විට ගෙදරටත් ඇරලන්න බැරි කමක් නැහැ.(ස)

:       0       0

නිසල් Wednesday, 03 April 2013 09:00 PM

අහිංසක මිනිස්සුන් රවට්ටන මේ වගේ අපරාධකාරයින්ට නීතියෙන් මොන විසඳුමක් ලැබුනත් දෙවියන්ගෙන් නම් ගැලවුමක් නොලැබේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 80 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 938 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site