IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජන රළ මාධ්‍යවේදීයා ඒකලදී පැහැරගන්න හදලා

 ජන රළ ඉරිදා සංග්‍රහයේ  ප්‍රවෘත්ති කර්තෘ  ධම්මික ප්‍රියදර්ශන ප්‍රනාන්දු   මහතා  සිය නිවස බලා  යමින් සිටියදී  කිසියම් පිරිසක් පැහැරගෙන යාමට  උත්සාහ  කළැයි  සීදුව පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

 ජන රළ  ප්‍රවෘත් කර්තෘ  පසුගිය බ්‍රහස්පතින්දා  රාත්‍රී 10.00 ට පමණ  ඒකල මඩගහ හන්දියේදී  වු බව කියන සිද්ධිය ප්‍රියදර්ශන ප්‍රනාන්දු මහතා  මෙසේ විස්තර කරයි.

 ‘‘මෝටර් බයිසිකලයකින්  පැමිණි පුද්ගලයකු  ඔහු  මාව මඟට  දාන්නම් කියලා කිව්වා, ඔහු මාව කොටු ගොඩ හන්දියෙන් බැස්සෙව්වා. එම පුද්ගලයා මගේ දුරකථන අංකය  ඉල්ලුවා මං ඔහුගේ දුරකථන අංකය ඉල්ලුවා ඔහු කැමති  වුනේ නෑ. පසුව හැදුනුම්පත ඉල්ලුවාම ඒකත් ප්‍රතික්ෂේප කළා.

ඔහු තවත් ඉස්සරහින්  දාන්නදැයි ඇසුවා .මම එපා කිව්වා.ඒ සමඟම වෑන් රියක්  අපේ පැත්තට  ලයිට් නිවාගෙන ආවා. එතකොට බයික් එකේ ආව පුද්ගලයා  කිව්වා මං තනියෙන් නෙවේ අවේ කියලා.   මං පොලිසියෙන් කියලා ඔහුගේ   පිස්තෝලයට  මගේ අත අරන් තියලා කිව්වා.‘‘

 මේ සම්බන්ධයෙන් සීදුව පොලිසියේ පැමිණිල්ලක්  කළ බව  ප්‍රියදර්ශණ ප්‍රනාන්දු පවසයි. ජන රළ පුවත්පත කිසිම දේශපාලන පක්ෂයකට සහභාගී දැයි ඇසු විට ඔවුන්  කිසිදු දේශපාලන පක්ෂකට සම්බන්ධ නැතැයිද ඔහු පැවසීය.

පසුගිය ජනරළ  පුවත්පතෙහි පළ වු  රන් ජාවාරමක් පිළිබඳ   ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් උතුරු කොළඹ  අපරාධ කොට්ඨාශය තමාගෙන් ප්‍රකාශයක් ලබා ගත් බව ජන රළ පුවත්පතේ ප්‍රධාන කර්තෘ  චන්දන සිරිමල්වත්ත මහතා පැවසුවේය.  

 අපේ දුරකතන ටැග් කරලා තියෙන්නේ  කියලා අපි සැක කරනවා  යැයි ජනරළ පුවත්පතෙහි ප්‍රවෘත්ති කර්තෘ ධම්මික ප්‍රියදර්ශන මහතා තව දුරටත් පැවසීය.



අදහස් (0)

ජන රළ මාධ්‍යවේදීයා ඒකලදී පැහැරගන්න හදලා

පෙරේරා Monday, 03 June 2013 06:34 AM

දන්නේ නැති මිනිස්සුන්ගේ මෝටර් සයිකල් වලට හවස් යාමේ නගින්න, එයාලට ෆෝන් නම්බර් දෙන්න තරමට ආඥානද?? (නි)

:       0       0

ඇසල Monday, 03 June 2013 07:52 AM

බොරුව උනත් කියන ක්‍රමය හරියට ඉගෙන්න ගන්න ඕනේ. ලබන සුමානේ වෙනකොට ආරංචිවෙයි කොහේ හරි රටක දේශපාලන රැකවරණ ඉල්ලලා කියල. අපි නොදන්නා මාධ්‍යවේදියෝ.(නදී)

:       0       0

පෙරේරා Sunday, 02 June 2013 07:32 PM

බටහිර රටක දේශපාලන රැකවරණ ඉල්ලයිද? (ත)

:       0       0

නෙතුමි Sunday, 02 June 2013 08:24 PM

රටේ ඕනෑම කෙනෙකුට නිදහසේ තම අදහස් ප්‍රකාශ කල හැකි විය යුතුය. නිදහස් මාධ්‍යටත් නිදහස් අදහස් වලටත් අවසර තිබිය යුතුයි. (ත)

:       0       0

මහේෂ් ද සිල්වා Sunday, 02 June 2013 08:44 PM

දැන් තමයි ජිනීවා ගිහිල්ල මානව හිමිකම් ගැන පැමිණිලි කරන්න හොඳම වෙලාව,ඊට පස්සේ නිකම්ම දේශපාලන රැකවරණ ලැබේවි. අනිවාර්යයෙන්ම කැනඩාවේ දේශපාලන රැකවරණ ලැබේවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site