IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජන ක්‍රීඩා දෙකක නම් වෙනස් කරයි

(අංජුල මහික වීරරත්න)

මෙවර අලුත් අවුරුදු උත්සවයන්හිදී ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජයේ  සංකල්පමය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් “කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරිකැවීම”, “වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම” ලෙස වෙනස් කළ බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසීය.

“වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම” යන නම් යොදන ලෙස අවුරුදු තරඟ සංවිධායකයින් දැනුවත් කර තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සමෘද්ධි ව්‍යාපාරය යටතේ ඇති සියළුම බැංකු විසින් අවුරුදු උත්සව 1089ක්  දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.



අදහස් (13)

ජන ක්‍රීඩා දෙකක නම් වෙනස් කරයි

රංබොඩ Tuesday, 09 April 2024 11:37 AM

වටිනා යාවාත් කාලීන කිරීමක්

:       2       10

sachith Tuesday, 09 April 2024 11:56 AM

ශ්‍රීලංකාව කියන්නෙම විනෝද සමයක් කියන්න මීටත් වැඩිය උදාහරණ මොකටද

:       8       15

Lakmal Tuesday, 09 April 2024 12:00 PM

අයිසේ අනූප, රටේ දැවෙන ප්‍රශ්නයක් විසදන්න තමුන්ගේ මොළේ මාරයි ඈ.. මොළේ පුපේ තියෙන්නේ කියල බෝඩ් එකක් එල්ලන් පාරේ ඇවිදහන්. ඒක නම්බුයි.

:       8       37

චමින්ද Tuesday, 09 April 2024 12:05 PM

යාන්තම් ඇති රටේ දැවෙන ප්‍රශ්ණයක් විසදුවා. ඕවා තමයි මෙයාට තියෙන ලොකු ප්‍රශ්න.

:       8       36

බයියා Tuesday, 09 April 2024 12:37 PM

මේක අප්‍රේල් 1 වෙනිදා කරන්ඩ තිබ්බ වෙනසක්

:       3       18

J.Dhayalan Tuesday, 09 April 2024 12:41 PM

මුන්ට පිස්සුද.... නැතිනම් මුන්ව පත් කරන අපට පිස්සුද.....

:       7       17

anuranga Tuesday, 09 April 2024 12:44 PM

වාසනා මුට්ටිය-ඒක හරියට කුණුහරපයක් වගේ

:       4       16

Perera Tuesday, 09 April 2024 01:07 PM

රටේ ප්‍රශ්න විසඳන්න ඉන්නේ ඔහොම පුත්තලම් බූරුවෝ නිසානේ රටට කෙල වෙලා තියෙන්නේ

:       6       18

Duppatha Tuesday, 09 April 2024 01:33 PM

බොහොම ස්තූතියි රටේ දැවෙන ප්‍රශ්න විසදන එකට අපිත් ඔක්තොම්බර් දිහාට ඡන්දෙදි සදහටම ප්‍රශ්නයක් විසදන්න තමයි ඉන්නේ

:       4       14

බද්රානි Tuesday, 09 April 2024 02:02 PM

එකිනෙකාට ගරු නොකරන අඥාන, අමන සිංහල ජාතිය, කාටද ගෞරාන්විතව සැලකුවේ..? භාෂාව යොදාගෙන අනෙකාට පරිභව කරන එකනේ හැමදාම කලේ...හොඳම තට්ටයාත් තෝරනවා නේද ඔය අවුරුදු උත්සව වල..? තමන්ගේ වැඩේ කර ගන්න, ගානක් කඩා ගන්න තියනවා නම්, බොරු ගෞරව නාම දෙනවා...බොරුවට පත්තරවල ඔය අවුරුදු ක්‍රීඩා වල නම් වෙනස් කලාට වැඩක් නැහැ, මිනිස්සුන්ගේ හිත් ඇතුලේ තියෙන්නේ කැත වචන නම්...? අනෙකා තමන්ට වඩා පහත් නම්, බොරු අනුකම්පාව, එහෙම නැත්නම්, උපරිම ඉරිසියාව ...

:       3       12

Rifan Tuesday, 09 April 2024 03:18 PM

යාන්තම් ඇති රටේ කවක් දැවෙන ප්‍රශ්ණයක් විසදුවා. අන්න එහෙමයි වැඩ කරන්න ඕන. අපිට කොහොම ගියත් රටේ 225 ට කිරියෙන් පැණියෙන් ඉතිරෙන අලුත් අවුරුද්දක් වේවා කියා පතනවා.

:       0       2

පිටරටවැසියා Tuesday, 09 April 2024 07:39 PM

වඩාත් හොඳයි "මහ බැංකුව බිඳීම" සහ "හොර අඹුවට කිරි කැවීම” ලෙස දියවන්නාවට සරිලන ලෙස වෙනස් වුණානම් !!! තවත් ඉදිරියට ගිහිං "සැඟ වුනු අමුත්තා සෙවීම" වෙනුවට "පුත්තලම් බූරුවා සෙවීම", 'ගෝනි පැනීම වෙනුවට "පක්ෂෙන් පක්ෂෙට පැනීම", "ගම හරහා බයිසිකල් තරඟය" වෙනුවට "රට වටා V8 තරඟය" සහ "අවුරුදු කුමරා-කුමරිය තේරීම වෙනුවට "හොඳම අපතයා තේරීම" ලෙස දියවන්නාවට සරිලන ලෙස වෙනස් වුනානම් බොහොම හොඳයි. "බොර දියේ මන්ත්‍රීවරු බෑම" වාගෙ අළුතෙන් ක්‍රීඩා එකතු කරන්නත් පුළුවන්....!!!!

:       1       1

ජුනයිඩ් නානා Wednesday, 10 April 2024 07:57 AM

මේ ඊයෙ පෙරේදා දවසක ජාතික රූපවාහිනිය පැවැත්වූ සිඟිති අවුරුදු උත්සවයෙදි, මොළේ අමාරුව හැදිච්ච නිවේදිකාව පුන පුනා කිව්වෙම කණා මුට්ටිය කියලමයි. වගකිවයුතු ජාතික නාළිකාවකට නිවේදිකාවන් තෝරන ප්‍රමිතියක් නැද්ද හැබෑටම ?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 388 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site