IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජන කැමැත්ත උරගාන්න පක්ෂ 3කින් සල්ලි මලු

(සුජිත් හේවාජුලිගේ)

ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක්  ජනතාවගේ මතය දැන ගැනීම සඳහා විවිධ ආකාරයේ සමීක්ෂණ කරවා ගැනීමට සමීක්ෂණ ආයතනවලට රුපියල් කෝටි දාහකට වැඩි මුදලක් පසුගිය කාලයේදී  ගෙවා ඇතැයි   වාර්තාවේ.

ඇතැම් සමීක්ෂණ ආයතන සිය සමීක්ෂණ වාර්තා  ඒ ඒ දේශපාලන පක්ෂවලට දැනටමත් ඉදිරිපත් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය

ඇතැම් දේශපාලන පක්ෂ  නායකයන් කාලාන්තරයක් තිස්සේ සමීක්ෂණ කරවා ගන්නා ආයතන පවතින්නේ යැයි කියති. ඔවුන් නැවතත් සමීක්ෂණ කටයුතු සඳහා බාරදී ඇතැයි  පැවසෙන්නේ  එම ආයතන වලටය.

සමීක්ෂණ ආයතන තුනක් සමීක්ෂණ කටයුතු මේ දිනවල කරගෙන යන බව දැනගන්නට ඇත

ජනමතය අනුව ඉදිරි දේශපාලන කටයුතු සැලසුම් කිරීම මෙම සමීක්ෂණවල  අරමුණ බව දේශපාලන පක්ෂ නියෝජිතයෝ පිරිසක් පැවසූහ. එසේම තමන්ට වාසි සහගත සමීක්ෂණ වාර්තා මැතිවරණ වේදිකාවලදී ඉදිරිපත් දේශපාලන වශයෙන් වාසි ලබා ගැනීමද එහි තවත් අරමුණක් බව සඳහන් වේ.



අදහස් (10)

ජන කැමැත්ත උරගාන්න පක්ෂ 3කින් සල්ලි මලු

Lalla Saturday, 23 March 2024 11:03 AM

මාලිමාවේ කට්ටිය ඇතුළුව වෙන්න ඇති නේද?

:       81       41

SurainSaturday, 23 March 2024 11:54 AM

මාලිමාව කියන්නෙත් තවත් එක සංදර්ශන ගුහාවක් විතරයි.

:       90       43

පුරවැසියා Saturday, 23 March 2024 11:04 AM

ජනතාවගේ සමීක්ෂණය දැන් ඉවරයි. දැනටමත් බලයට පත් කරගත යුත්තේ කවුරුන්ද කියලා තීරණය කරලා අවසන්...!

:       18       93

Jayantha Saturday, 23 March 2024 12:55 PM

ජනතාවගේ මතය වෙනස් කරන්න හදපු එකක්.

:       7       43

සුදු ඇඳගෙන කලු ඇවිදින් Saturday, 23 March 2024 02:16 PM

මාලිමා NGO නඩය තමයි වැඩිපුරම සල්ලි පොම්ප කළ බව පේන්නේ... තාම පොහොට්ටු චන්ද දායකයින් නිහඬයි...

:       57       29

dizSaturday, 23 March 2024 03:01 PM

නිහඬ නෑ... ඔය ඉන්නේ...

:       5       33

ධම්මික මහනුවරSaturday, 23 March 2024 03:33 PM

පොහොට්ටුවට ඡන්ද දායකයෝ තවත් ඉන්නවද? ඒ ඉන්නවා නම් හොරාකෑමට සම්බන්ධ කටු කන දායකයින් විතරයි.

:       11       53

Ishan Saturday, 23 March 2024 05:07 PM

පොහොට්ටු ඡන්ද දායකයින් කියලා හඳුන්වන්න පුළුවන් කොටසක් දැන් නැහැ. ඔවුන් ඔක්කෝම මාලිමාවට හැරිලා, ලොකුම විහිළුව නාමල්ගේ සම්මේලනය පවා අති අසාර්ථක වුණා. පොහොට්ටුවට දැන් හාමුදුරුවරුත් නැහැ වගේ...

:       14       39

සෙනෙවිරත්න Saturday, 23 March 2024 08:39 PM

මෙතන සේරම පක්ෂ අමතක කරලා මාලිමාව ගැන විතරක් කතා කිරීමෙන්ම පේනවා ඒකට ඔය කටු කන අයගේ බිය, ඒ බිය සදාකල් පවතීවා...!

:       1       0

Manjula Pradeep Saturday, 23 March 2024 09:09 PM

මාලිමාකාරයෝ කොයිතරම් මුදලක් වියදම් කරනවාද ඡන්දය වෙනුවෙන් සල්ලි හම්බ කරේ කොහොමද? ඒ විදියට බලනකොට හොයන්න ඕනේ හම්බ කරපු විදිය නේද? තාම සිහින දකිනවා හීනය දකින්න හැමදාම සමීක්ෂණ කරගන්නවා. ඡන්දයක් ආවාම බලමු නේද නිශ්ශබ්ද වෙලා ඉන්න අපේ මිනිස්සුන්ගේ බොරුවලට රැවටිලා නැති බවත් රටට ආදරය කරන මිනිසුන් තවමත් ඉන්න බවත්... ඒ මිනිස්සු ගන්නේ මොන තීරණයද කියලා ඡන්දය ඉවර වුණාම තේරේවි...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site