ලන්ඩන් නුවර ප්‍රමුඛ පෙලේ ශ්‍රී ලාංකික සුභ සාධක සංවිධානයක් වන හවුන්ස්ලෝ ජනහඬ පදනම පසුගියදා සිය 10 වැනි සංවත්සරය සැමැරීය.
සභාපති ශ්‍රී ලාල් ඩයස්ගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණු මෙම සමරුවට ලන්ඩනයේ බොහෝ ප්‍රදේශවල ජීවත්වන සිංහල දමිල මුස්ලිම් ශ්‍රී ලාංකිකයෝ රැසක් සහභාගිවූහ.
ඉතා දිගු කාලයක පටන් එක්සත් රාජධානියේ විසූ ව්‍යාපාරිකයෙකු මෙන්ම වසර ගණනාවක තිස්සේ තැපල් ස්ථානාධිපති වරයෙකු ලෙස සේවය කළ ජනහඬ පදනමේ ආරම්භක සාමාජික හා පසුව එහි උපදේශක වු අභාවප්‍රාප්ත නන්ද දිසානායක මහතා සිහිපත්කිරීමෙන් අනතුරුව මෙවර වාර්ෂික සැසිවාරය ආරම්භවිය.
එම සංවත්සර උත්සවයේදී නව වසර සඳහා නිලධාරී මණ්ඩලයක්ද තෝරා පත්කරගනු ලැබිය.
සභාපති ශ්‍රී ලාල් ඩයස්ගේ මුලිකත්වයෙන් මිට වසර 10 කට පෙර ආරම්භ කළ ජනහඬ පදනම වසරක් පාසා සිංහල සහ දෙමළ අවුරුදු උත්සවය ඇතුළු සංස්කෘතික, සමාජීය සහ ආගමික වැඩසටහන් බොහොගනනක් සංවිධානය කළේය.
ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයේ ක්‍රියාත්මක සමහර කණ්ඩායම් ගෙන යන සාවද්‍ය ප්‍රචාරයන් පිළිබඳව බ්‍රිතාන්‍ය දේශපාලඥයින් දැනුවත් කිරීම සඳහාද මෙම සංවිධානය මඟින් සැළකිය යුතු කාර්ය භාරයක් ඉටුකර ඇත.
මේ සංවිධානය ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සමාජ සත්කාර වැඩසටහන් රැසක්ද ක්‍රියාත්මක කර ඇත.
2025 දෙසැම්බර් මස 18
132
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනහඬට 10 යි
තමරා Tuesday, 31 March 2015 09:26 AM
අගය කළ යුතුයි... ප්‍රශංසනීයයි (ම)