IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජොන්ස්ටන්ගේ ස.තො.ස නඩුව: මුලික විරෝධතා සම්බන්ධ තීන්දුව 16 දා

(මනෝප්‍රිය ගුණසේකර)

වෙළඳ ඇමතිවරයා වශයෙන් කටයුතු කරන සමයේ ස.තො.ස. සේවකයන් ඔවුන්ගේ රාජකාරි කටයුතු වලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතුවල යොදා ගැනීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා කරමින් හිටපු සමුපකාර ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතු`ථ තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම පවරා ඇති නඩු දෙකක් පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්තිකරුවන්ගේ නීතීඥවරු කොළඹ මහාධිකරණය හමුවේ මතු කොට ඇති මුලික විරෝධතා සම්බන්ධ තීන්දු මාර්තු මස 16 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට ඊයේ (21) දින නියම කෙරිණී.

මෙම නඩු කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලු මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා සහ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා තීන්දු ප්‍රකාශයට පත් කිරීම සඳහා එලෙස දින නියම කෙරිණී.

2010 වසරේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර එම ආයතන මගින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතු වල යෙදවීම හරහා රජයට  පාඩු කළ  බවට චෝදනා කොට අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ නඩු පවරා ඇත.

මෙලෙස චෝදනා ලැබ සිටින්නේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු” සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් නමැත්තන්ය.

නඩු කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

මීට පෙර අවස්ථාවක නඩුවව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට මූලික විරෝධතාවක් මතු කළ අතර පැමිණීලි පාර්ශවය ඊට එරෙහිව කරුණු ඉදිරිපත් කළේය.

ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරයා මෙම නඩුව ලබන මස 16 වැනිදා යළි කැඳවීමට නියම කළේය.

මෙම නඩුවට අමතරව වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර එම ආයතන මගින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතු වල යෙදවීම හරහා රජයට පාඩු කළ  බවට චෝදනා කොට අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසම මෙම විත්තිකරුවන් තිදෙනාට එරෙහිව මහාධිකරණය හමුවේ තවත් නඩු කිහිපයක් පවරා ඇත.

විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා හමුවේ පවරා ඇති නඩුවව සම්බන්ධයෙන් ඉදිරිපත් කොට ඇති මුලික විරෝධතාවය සම්බන්ධයෙන් තීන්දුවද මාර්තු මස 16 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට දින නියම කොට ඇත.

 



අදහස් (2)

ජොන්ස්ටන්ගේ ස.තො.ස නඩුව: මුලික විරෝධතා සම්බන්ධ තීන්දුව 16 දා

disanayaka Tuesday, 21 February 2023 08:00 PM

ඕකව එල්ලන්න ස්වාමිනි .

:       0       0

fairoos Wednesday, 22 February 2023 12:06 PM

ජොන්ස්ටන් මැරෙනකම් නඩු තීන්දුව නම් එන්නේ නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site