(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගොනුකළ රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම මේ වන විට ආරම්භ වී තිබේ.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බැලීම ආරම්භ වී ඇත.
මෙහි පෙත්සම්කාර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණය හමුවේ පෙනී සිටින්නේ ය .
ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාර වලට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු ලෙස නම් කර සිටින තමන්ව අත්අඩංගුවට ගැනීම වළකන ආඥාවක් නිකුත් කරන්නැයි පැමිණිලිකරු මෙම රීට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනු කරනු ලැබුවේ ඊයේ අට දිනයේදීය.
පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් හිටපු අමාත්‍යවරයා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ජොන්ස්ටන්ගේ පෙත්සම සළකා බැලීම ඇරැඹේ
sharm warn Thursday, 09 June 2022 11:08 AM
මෙයාව අත් අඩංගුවට ගන්න එපා කියල තීන්දු කලොත්. . අදිකරණයෙ ස්වාදිීනීනය අපිට තෙරුම් ගන්න ගොඩක් ලෙසි වෙයි..
ranjith Thursday, 09 June 2022 01:07 PM
තමන් වරදක් කරල නැත්තම් කලබල වෙන්නෙ මොකද?